Saturday, September 30, 2017

බස් කතා 01 - බෝල රෝසා

ලංකාවේ බස් ගැන ලියන, බස් වල ඡායාරූප පලකරන ෆේස්බුක් page , බ්ලොග් ඕනි තරම් තියෙනවා. ඒ නිසා මම පොඩි කාලේ ඉඳන්ම උනන්දුවක් දක්වපු මාතෘකාවක් වෙච්ච බස් ගැන මම ලියන්නේ නෑ කියලයි හිතන් හිටියේ . ඒ කොහොම උනත් ඒ ලියන හැම කෙනාම ලියන්නේ බස් එකේ තාක්ෂණික පැත්ත , භාවිතයේ දී අයිතිකරුවන්ට එන ප්‍රශ්න, අත්දැකීම් , එතකොට බස් කර්මාන්තයේ කතන්දර වගේ දේවල් . ඒ පිටුවල ඉන්න ගොඩක් අය බස් අයිතිකරුවන්, බස් වල සේවය කරන අය නිසා ඇත්තටම ඒක එහෙම වෙන එක පුදුමයක් නෑ . ඒත් බස් වලට කැමති , බස් වල නිතර යන මම වගේ මගීන් ගේ පැත්තෙන් බස් ගැන ලිව්වොත් ...... ඒක වෙනස් දෙයක් වෙයි. ඒ නිසා මම පටන්ගන්නවා ලියන්න බස් ගැන. මට බස් ගැන තාක්ෂණික දැනුමක් නම් ලොකුවට නෑ , ඒ නිසා ඒ ගැන ලියන්නේ නෑ. වැරදි තියෙනවනම් පෙන්නලා දෙන්න කියලත් මේ ගමන්ම කියනවා..

මුලින්ම මගේ මතය කියලම පටන්ගන්නම්. ඔය ඉන්දියාවෙන් ගෙන්නන LEYLAND, TATA එතකොට ලඟදි ඉඳන් එන EICHER එහෙම (සාමාන්‍ය සේවා වලට යොදවන වායු සමීකරණය නැති බස් ) මගේ මතය අනුවනම් බස් නෙවෙයි . ඒවා ජනෙල් , සිට් හයි කරපු ලොරි. මිනිස්සු ප්‍රවාහනය කරන්න මේවා ගැලපෙන්නේ නෑ කියල තමයි මමනම් විශ්වාස කරන්නේ. එත් ඉතින් ලංකාවේ ආර්ථිකයත් එක්ක අපිට වෙන විකල්පයක් තියෙනවද කියලත් ගැටළුවක් තියෙනවා. කොහොම උනත් මේ කියපු බස් ගැන මගේ කැමැත්තක් නැති නිසා ඒ ගැනනම් මම ලියන්නේ නෑ ..

මුලින්ම ලියන්නම් ලංකාවේ A/C රූට් වල වැඩියෙන්ම ජනප්‍රිය උන බස් එකක් ගැන. මම නිතර කොළඹ නුවර යැවෙන කෙනෙක්. යන්නේ A/C බස් වල විතරයිම කිව්වොත් බොහෝ දුරට නිවැරදියි. අන්න ඒ නිසා මටත් නිතර මුණගැහෙන බස් එකක්..

බස් එක තමයි.......... Mitsubishi Fuso , Rosa එහෙමත් නැතුව ලංකාවේ බාසාවෙන් කියනවනම් බෝල රෝසා .

මෙන්න මේක තමයි බස් එක


දැකපු ගමන් දන්නවනේ බස් එක.

මේ බස් එක ගැන කියනවනම් මේකේ ආසන 29 සහ 33 කියන මාදිලි දෙක තමයි ලන්කාවේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ. මාදිලි ගැන කියනවනම් ප්‍රධාන වශයෙන් මාදිලි 3යි

1. ලංකාවේ බලයලත් නියෝජිතයන් වන United Motors ගෙන්වන මාදිලිය
   
   මේක තමයි රූට් දුවන බස් වල වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ. මිල ගණන් අඩු නිසා සහ නඩත්තු වියදම් අඩු එන්ජිමක් එක්ක එන නිසා මේ මාදිලිය ගොඩක් ප්‍රසිද්දයි කියල තමයි මටනම් හිතෙන්නේ .

හැබැයි ඉතින් සැප පහසුව, උපාංග අතින් නම් මාදිලි 3න් අවම අගය තියෙන්නේ මේකට තමයි. අනිත් මාදිලි වල තියෙන Air suspension සහ වඩාත් සුවපහසු suspension පද්ධති මෙම මාදිලියේ දකින්න ලැබෙන්නේ නෑ . ඒ නිසා ගැස්සෙන පැද්දෙන ගතියනම් ටිකක් වැඩියි.

ආසන ගැන කියනවනම් අනිත් මාදිලි වල වගේම හොඳ  ආසන මෙම මාදිලියටත් එනවා. මෙම මාදිලියේත් සමහර බස් මම දැකල තියෙනවා සකස් කල නොහැකි ආසන එන (සිංහලෙන්ම කිව්වොත් adjustable නැති )

මෙහි A/C පද්දතියත් එන්නේ manual ආකාරයේ එකක්. ඒ කිව්වේ මෙන්න මේ වගේ


බස් එක පිටත පෙනුම ගැන කියනවනම් ඔය උඩින්ම දාල තියෙන්නේ මේ මාදිලියේ බස් එකක්.

නිෂ්පාදිත රට ගැන මත දෙකක් තියෙනවා. සමහරු මේක මැලේසියා වේ නිෂ්පාදනයක් කියල කියනවා. එත් නියෝජිතයන්ට අනුවනම් මේක හදන්නෙත් ජපානේ

2. Australian Model

මේ මාදිලිය ගෙන්නන්නේ ඕස්ට්‍රේලියාවෙන්, ගෙන්වන රටේ වෙනසට අමතරව මට පේන විදිහටනම් මේකයි ඊළඟට කියන්න යන ජපානයෙන් ගෙන්වන මාදිලියයි අතර ලොකු වෙනසක් නෑ


බස් එකේ බඳ ප්‍රදේශයේ EMERGENCY EXIT යන වචන සමග ඊට යටින් කොක්කක් හෝ දෙකක් තිබීමත් බස් එකේ පිටුපස තනි දොරක් සමග tow hook එකක් තිබීමත් තමයි මටනම් පෙනෙන වෙනස්කම් . උඩින් කියපු මැලේසියන් එකට වඩානම් මුනෙත් පොඩි වෙනසක් තියෙනවා. දොරත් වෙනස් . හැබැයි ජපන් එකෙත් මේ මුණ සහ දොර මේ ආකාරයටම එනවා දැකගන්න පුළුවන්.

මගියෝ වන අපිට වැදගත් වෙනස තමයි මේකේ සැප පහසුව හොඳයි මැලේසියන් එකට වඩා . මාත් මේ බස් එකක ගියේ එක දවසයි , ඒ නිසා වැඩි යමක් කියන්න නම් දන්නේ නෑ .

3. ජපානයෙන් ආනයනය කරන මාදිලිය.

ලංකාවේ දෙවනියට වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ මේක , සපපහසුව ඉතාමත් හොඳයි මේ බස් එකෙත් ආසන 29, 33 මාදිලි දෙකක් එනවා, ඊට අමතරව විවිධ වෙනස් කම් සහිත මාදිලි විශාල ගණනක් දැකගන්න පුළුවන්. ඒ හැම එකකම අපිට වැදගත් දේ වෙන සැප පහසුව නම් එක වගේම හොඳ මට්ටමක තියෙනවා. ආසන 25 එකකුත් එනවා හැබැයි සාපේක්ෂව ටිකක් අඩුයි


පේනවනේ එකකින් එකකට වෙනස් හැබැයි මේ ඔක්කොම ජපන් රෝසා බස් ම තමයි. අකුලන දොර , එලියට ඇරෙන වර්ගයේ දොර, පිටුපස තනි දොර, දොර දෙක එහෙමත් නැත්නම් පිටුපස දොරක් නැති ( ඩිකිය සහිත)
වගේ එක එක මාදිලි වලින් මේවා දැකගන්න පුළුවන්.

මැලේසියන් බස් එක වගේ නෙවෙයි digital climate control A/C එකකුත් මෙම බස් වල දැකගන්න පුළුවන්. ඒ නිසා A/C එක වඩාත් හොඳින් පාලනය වෙන සැප පහසු ගතිය හොඳින් පවත්වාගෙන යන්නත් පුළුවන්.


පොදුවේ මේ බස් මාදිලි හැම එකකම මෙන්න මේ ලක්ෂණ දැකගන්න පුළුවන්,

ආසන-  ඉතාමත් හොඳ කියල හඳුන්වන්න බැරි උනත් හොඳ තත්වයේ උස සහ පළල තියෙන අසන සැකැස්මක් මෙම බස් වල දැක ගන්න පුළුවන්. ආසන අතර පරතරයත් හොඳ මට්ටමක තියෙන නිසා ඉදිරියෙන් ඇති ආසනයේ දණහිස වදින්නේ නැතිව පහසුවෙන් යන්නත් පුළුවන්.



A/C-ඉතාමත් හොඳ තත්වයේ වායු සමීකරණ පද්දතියකින් යුක්තයි. බස් රථයේ වීදුරුව අසල, මැද , ඉදිරිපස, පිටුවස යන ඕනිම කෙනෙක්ට හොඳින් සිසිලස දැනෙන ආකාරයෙන් මෙය සකස් කර තිබෙනවා.

එත් ආසන 33 මාදිලියේනම් පිටුපසට A/C මදි කියල ඇතැම් අය කියනවා මට ඇහිලා තියෙනවා, මටනම් ලොකු වෙනසක් දැනිල නැහැ.

වැදගත්ම කොටස. මගියෙක් විදිහට උපරිම සැප පහසුවක් ඇතිව මෙම බස් එකක යනවනම් අපි යන්න ඕනි කොහොමද


  • ඔබ යන්නේ තනියෙන් නම් හැම වෙලාවේම වම පැත්තේ තනි සීට් එකක යන්න. යාබද අසුනේ ඉන්න කෙනා ඇගේ ගෑවෙන ඉඩ අඩුයි.  සහ ඉඳගන්න වගේම බහින එක සාපේක්ෂව ලේසියි. 
  • පිටුපස රෝදය උඩ  ආසන දෙකක් තියෙනවා, ඒ දෙක මගහරින්න.
  • bag අරන් යනවනම් , සාමාන්‍ය මට්ටමේ backpack එකක් ඉතාම පහසුවෙන් සීට් එක යට තියාගන්න පුළුවන් . ලැප්ටොප් bag එකකුත් තියෙනවනම් සීට් දෙක අතර තියෙන මෙන්න මේ විදිහට පහසුවෙන් අරන් යන්න පුළුවන්.

  • A/C කවුළු - ඔබට උඩින් තියෙන කවුළු දෙකෙන් ඉදිරියෙන් තියෙන කවුළුව තමන් ඉන්න පැත්තට හරවාගෙන අනිත් එක ඔබේ යාබද අසුනේ මගියාට ඉතුරු කරන්න ( වීදුරුව අයිනේ සීට් එකේ යනවනම්) මේ විදිහට පාවිච්චි කිරීමෙන් එක එල්ලේ ඔලුවට A/C වදින එක වළක්වාගන්න පුළුවන් .
    අනික අන්තිම සීට් එකට කලින් තියෙන සීට් එකේ යනවනම් මතක තියාගන්න එතන තියෙන කවුළු දෙකෙන් ඉදිරිපස කවුළුවෙන් විතරයි හරියට A/C එක එන්නේ . දෙවැනි එක හරියට වැඩ කරන්නේ නැ. රෝසා හැම මාදිලියකටම මේක පොදුයි. 
හොඳම සීට් එක -------

අන්තිම සීට් එකට කලින් පේලියේ වම පැත්තේ තනි සීට් එක. උඩ කියපු A/C ප්‍රශ්නයනම් තියෙනවා තමයි. එත් හරි කවුළුව හරවගත්තම ඒ ගැටලුව නෑ , මෙතන හොඳ වෙන්න හේතුව තමයි A/C කවුළුව අනිත් සීට් වල කවුළු වලට වඩා ටිකක් ඉදිරියෙන් පිහිටලා තියෙන එක. ඒ නිසා එක එල්ලේ ඔලුවටම A/C වදින්නේ නැ.

ඊට අමතරව වම පැත්තේ අයිනේ දෙර ලඟම සීට් එකයි රෝදේ උඩ සීට් එකයි ඇරෙන්න අනිත් සීට් ටිකත් හොඳයි .

අන්තිමට කියන්න ඕනි කොළඹ නුවර වගේ වාහන වැඩි, වංගු සහිත, කඳු තියෙන පාරවල් වලට හොඳට ගැලපෙනවා කියල දැනෙන බස් එකක්. ඒ නිසා ඔබ බස් පෝලිමේ ඉන්නවනම්. වෙනත් බස් එකක් නම් ඇවිත් තියෙන්නේ ( ජර්නි K වගේ ලොකු එකක් නම්) පොඩ්ඩක් ඉඳල බෝල රෝසා එකක ආවට පාඩුවක් නැ  . මොකද අනිවාර්යෙන් ටික දුරක් යනකොට බෝල රෝසා එක ලොකු බස් එක ඉස්සර කරලා යනවා. 

තව බස් එකක් එක්ක, තව දවසක එන්නම්...............




Sunday, September 3, 2017

අපි නොදන්න Setbeat



කාලෙකින් මුකුත් ලියන්නත් බැරි උනා එක එක වැඩ නිසා . අද නිවාඩුවකුත් ලැබුන නිසා හිතුව ලියන්න.
අද ලියන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන. Setbeat. මේ ගැන දන්නා අයත් ඇති නොදන්නා අයත් ඕනි  තරම් ඇති. මේක ලියන්නේ නොදන්නා අයට ඈ. මේක Android App එකක් Android කිව්වට ඉතින් ios වලටත් තියෙනවා. හැබැයි ඉතින් මේක google Play වලට ගිහින් ලේසියෙන් අනිත් app වගේ download කරගන්නනම් බෑ. කොහොමද එහෙනම් install කරගන්නේ , ඒ ගැනත් ඉස්සරහට කියන්නම්.
මොකද්ද මේකේ විශේෂත්වය,

කෝල් එකක් ගන්න මැසේජ් එකක් යවන්න විතරක් අපි ළඟ තිබුන ජංගම දුරකථනය පාවිච්චි කරලා  සින්දු අහන්නත් පටන් ගත්තේ smart phone එන්නත් ගොඩක් කලින් ඉඳල. Sony Walkman series ෆෝන් එහෙම කට්ටියට මතක ඇතිනේ... එදා ඉඳල භාවිතා වෙච්ච ක්‍රමය උනේ පරිඝනකයක් හෝ වෙනත් ජංගම දුරකතනයක් මාර්ගයෙන් තමන්ගේ ජංගම දුරකතනයේ local storage (internal memory හෝ SD card) එකට ගීත ඇතුලත් කරලා, එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් බාගත කරගෙන මෙම ගීත අහන එක.
එත් කාලයත් එක්ක අන්තර්ජාල සම්භන්ධතා වල වේගය හා දත්ත ප්‍රමාණය වැඩි වීමත් එක්ක ලංකාවේ අපි අතරත් YouTube වැනි video streaming සේවාවන් ජනප්‍රිය වෙන්න ගත්ත. සින්දු අහන කෙනෙක්ටනම් දැන්  YouTube අමතක කරන්නම බෑ නේ. video streaming වලට අමතරව සින්දු අහන අය වෙනුවෙන්ම හදපු දෙයක් තමයි Audio music streaming සේවාවන් . Spotify, Apple music, Sound Cloud, Deezer, Pandora කියන්නේ මේ වගේ ජනප්‍රිය වෙච්ච සේවාවන් කිහිපයක්. සින්දු හොයා හොයා කරදර වෙන්න ඕනි නෑ, සින්දුවක ගුණාත්මක භාවය ගැන කරදර වෙන්න ඕනි නෑ . හොඳම ගුණාත්මක බවක් තියෙන සින්දු මිලියන ගානක එකතුවක් මේ සේවාවන් වල තියෙනවා .

එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මේ එක සේවාවක් වත් නිකන් දෙන ඒවානම් නෙවෙයි. නිකන් දුන්නත් යම් සිමාවන් වලට යටත් වෙලා තමයි දෙන්නේ. උදාහරණයක් විදිහට  Spotify වල නොමිලේ දෙන සේවාවේදී යම් ගායකයෙක්ගේ කැමති සින්දුවක් තෝරලා අහන්න බෑ . එම ගායකයාගේ සින්දු random විදිහට අහන්න විතරයි පුළුවන්. මේ සේවාවන් වලට අය කරන ගානත් ලේසි පහසු නැහැ. විශේෂයෙන් අපි වගේ රටක ඉන්න අයට. තව එකක් , දැනට ලෝකේ ජනප්‍රියම මේ වර්ගයේ සේවාව වන Spotify ලංකාවට සේවා සපයන්නෙත් නෑ.

ඔන්න ඔය ප්‍රශ්න වලට උත්තරයක් තමයි Setbeat කියන්නේ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක් , Spotify හි තියෙන හැම පහසුකමක්ම වගේ මේකෙත් තියෙනවා . හරියටම ඇත්ත නැත්ත දන්නේ නැති උනාට ආරංචි විදිහටනම් මේක Spotify හැක් කරලා හදපු app එකක්. ඒ නිසා Spotify වගේම හොඳ සින්දු එකතුවක් තියෙනවා , පරණ ඒවා උනත් හොයාගන්න පුළුවන් උනා මටනම්. මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි playlist හදල තමන්ට අහන්න ඕනි සින්දු එම playlist වලට add කරගන්න පුළුවන් එක. මේ playlist synchronize කරගත්තම අන්තර්ජාලය නැති වෙලාවක උනත් අපිට නැවත අහන්න පුළුවන් විදිහට අපේ ජංගම දුරකතනයට save වෙනවා .



කොහොමද දැන් මේක install කරගන්නේ , මේ පහල තියෙන ක්‍රමයට මෙම app එකේ apk file එක ජංගම දුරකතනයට බාගත කරගත්තම ලේසියෙන්ම install කරගන්න පුළුවන් .

1. Settings වලට යන්න
2. Security
වලට යන්න
3. Unknown Sources
කියන ඔප්ෂන් එක හොයාගන්න
4. unknown sources ඔන් වෙලා නැත්නම් ඔන් කරගන්න
5. පහත ලින්ක් එකෙන් Setbeat බාගත කරගන්න

6. ෆෝන් එකේ downloads වලින් Setbeat apk එක හොයාගෙන ,
7. Install කරගන්න

 වැඩි පහසුවට YouTube එකෙන් මම හොයාගත්ත මේක install කරන විදිහ දැක්වෙන වීඩියෝ එකකුත් පහත තියෙනවා.

https://www.youtube.com/watch?v=SbnkNSMlHaI

මේ Android වලට. ios වලටත් මේක තියෙනවා. මේ පහත ලින්ක් එකෙන් ගිහින් install කරගන්න පුළුවන් හැබැයි මම ios පාවිච්චි කරලා නැති නිසා ඒ ගැන නම් වැඩිය දන්නේ නැහැ.

http://setbeat.net/setbeat-ios-iphone-app-download/

ඔක්කොමත් හරි , පරණ විදිහට සින්දුවක් download කරන අහන්න පුළුවන් එකේ අහවල් එකකටද මෙච්චර දඟලන්නේ කියල හිතෙන්න පුළුවන්. උත්තරේ තමයි ටික දවසක් පාවිච්චි කරලා බලන්න , එතකොට වෙනස තේරෙයි.


අවාසියකට තියෙන්නේ ඉතින් එක සිංදුවකට 10 MB වගේ data ප්‍රමාණයක් යනවා, තව සිංහල , හින්දි සින්දු නම් මුකුත්ම නෑ .......... අපි ගියා එහෙනම් 

Sunday, September 4, 2016

දෙකයි දහය 2.10

හරි කොහෙන්ද දැන් මේක පටන්ගන්නේ, කතාව වෙනස් වෙනදට වඩා ....... අවුරුදු 12 ක් 6ක් අතර පරණ මතකයන් ටිකක් අදින්නයි මේ ලෑස්ති වෙන්නේ, ඇයි? හේතුවක් තියෙනවා . ලඟදි , ලඟදි කිව්වට මාස දෙකකට වගේ කලින් විශේෂ කෙනෙක්ව ආයෙත් මුණගැහුන , එදා හිතුන මේක ලියල දාන්න ඕනි කියල එත් කැම්පස් එකේ විභාග සහ ඊට පස්සේ සෙට් උන පොඩි වැඩක් නිසා වැඩේ අමතකම වෙලා ගියා .... එත් මේ ලඟදි දවසක ......................................... ආයෙත් අර විශේෂ කෙනාව මතක් උනා පොඩි සිදුවීමක් නිසා. ඒ කොහොමද , මගේ වෙන්න වයිෆ් ලඟදි දවසක එයාගේ මූණු පොතේ ගිණුමේ පොඩි අවුලක් වෙලා සෙටින් වගයක් වෙනස් කරන්න කියල මට දුන්න Username , password හරි ලොග් උනා කියමුකෝ , ගිය වැඩේ කරලා ලොග් අවුට් වෙන්න යනකොට මෙන්න පෙන්නනවා suggestion එකක් .......ඔව් අර විශේෂ කෙනාගේ profile එක ......................ආයෙත් අවුරුදු ගානක් අතීතයට ගියා .අදනම් මේක ලියල දානවමයි.

කොහොමද එත් පරණ සිද්දි මතක් කරගන්න ඒ කාලෙට යන්නේ, ........................... එකටත් ක්‍රමයක් හොයාගෙන තමයි වැඩේ පටන්ගත්තේ. මගේ හාඩ් එකේ තියෙනවා ෆෝල්ඩර් එකක් , සින්දු විතරයි වෙන මුකුත් නෑ . එකෙත් තියෙනවා එක ෆෝල්ඩර් එකක් 2005 - 2011 වගේ කාලේ මම සින්දු එකතු කරපු. අන්න එකට ගිහින් සින්දු ටික play කරාම ඔය එන්නේ ගානට ඒ කාලේ වෙච්ච දේවල් චිත්‍රපටියක් වගේ..... සින්දු වලට අතීතය මතක් කරන්න ලොකු හැකියාවක් තියෙනවා...

දැන් එමු title එකට . මොකද්ද 2.10 ? ................... 2.10 තමයි නුවර ඉඳන් නාවලපිටියට හවස school train එක පිටත් උන වෙලාව. ඒ කියන්නේ අද මම කියන්න යන්නේ කෝච්චියක් ගැන ,, අඩු වැඩි වශයෙන් ඔව් ... එත් කෝච්චියක් ගැන විතරක් නෙවෙයි කෝච්චියත් එක්කම මගේ ජිවිතේ ගලාගෙන ගිය හැටි ගැන .. ගොඩක් අය මුණගැහුන , ගොඩක් දේවල් උනා . තාමත් මතක් වෙද්දී ඒ කාලෙට යන්න හිතෙනවා. කෙටියෙන්ම කිව්වොත් මගේ ජිවිතේ තිබුන හොඳම කාලේ . හැබැයි ඉතින් කියලම පටන්ගන්නම් මහා ලොකු විශේෂ දෙයක්නම් නෑ . වල්පල් තමයි.

ඉස්කෝලේ ගැන කිව්වොත් ,, නෑ නෑ ඒ ගැන කියන්න අයිතියක් නෑ . ඒ කොටස හැලුව . ඊළඟ කොටසට යමු

පොඩිකාලේ ඉඳල 6 වසර වගේ වෙනකන් ඉස්කෝලේ ගියේ පාසල් සේවය වැන් එකක . එපාම කරපු කාලයක් . කිසිම වැදගත් දෙයක් නෑ .. 6 වසරේ ඉඳන් පටන්ගත්ත බස් එකේ යන්න . 8 වසර වගේ වෙනකන් බස් එකේ ගිය, පතෝල වැටකොළු වගේ තමයි . හොඳකුත් නෑ නරකකුත් නෑ . 8 වසරේදී තමයි ලොකු වෙනසක් උනේ . ගෙලිඔය ඒ කියන්නේ මම පදිංචි වෙලා හිටපු පළාතේ ඉඳන් නුවර අපේ ඉස්කොලෙටම යන අපේ පන්තියේම කීප දෙනෙක් කිව්වා දවසක් , මචන් අද හවස යමන් කෝච්චියේ .......... පොඩිම කාලේ ඉඳන් මම ඕනි වාහනයකට කැමතියි . කොච්චි ඒ ලිස්ට් එකේ උඩම තිබුන නිසා දෙපාරක් හිතන්නේ නැතුව හා කියල මාත් ගියා . ඒ කාලේ 2.10 ට නෙවෙයි 2.30 ට තමයි හවස කෝච්චිය ගියේ . ඉස්කෝලේ ඇරුනේ 2 ට . වෙනදනම් මම 2.30 / 2.35 වෙනකොට බස් එකේ ගිහින් ගෙලිඔය බැහැල . ආසාව නිසාම හිටිය 2.40 වගේ වෙනකන් කෝච්චිය එනකන්. ඉස්කෝලේ තියෙන්නේ නුවරට මෙහා , ඉස්කෝලේ ලඟින්ම කෝච්චියට නගින්න පුළුවන් නිසා එතැනින්ම නගින්නම් කියල ගියා . මෙන්න බලනකොට අඳුරන සැහෙන පිරිසක් ඉන්නවා .

ඊළඟ වාරේ ඉඳන් සීසන් එකකුත් ගත්ත , පරක්කු උනත් කමක් නෑ පොඩි කාලේ ඉඳල තිබුන කොච්චි උණ නිසා ඔන්න ඔය විදිහට කෝච්චියේ යන්න පටන්ගත්ත . උදේ කොච්චියේත් යන්න පටන්ගත්ත. ඔන්න ඔහොමයි කතා වලට ප්‍රවේශ වෙන්නේ . හප්පටසිරි ප්‍රවේශයේ දිග. එක පොස්ට් එකකින් ඉවර කරන්න බැරි වෙයිද මන්ද.

10 වසර වගේ වෙනකන් වැඩි විශේෂයක් නෑ ඉතින් ඔන්න ඔහේ ගියා , ෆුට් බෝඩ් යන එක, කෝච්චි ගැන ගොඩක් දේවල් ඉගෙනගත්ත එක ඔය කාලේදී උනා . කතන්දර පටන්ගන්නේ දැන් තමයි. 10 වසර කියන්නේ ඉතින් කියන්න ඕනි නෑ නේ . දිග කලිසම් ඇඳලා , රැවුල වැවෙන්න අරන් අර විරුද්ධ පාර්ශවේ අය ගැන හැඟීමක් එන්න පටන්ගන්න්න කාලෙනේ. අවාසනාවකට ( ඔව් මේකනම් පට්ටම අවාසනාවන්ත එකක් . මට අතීතයට යන්න පුලුවන්නම් මම ගිහින් මගේම පොඩි කාලේ එකාට ගහනවා කන පැලෙන්න ) වගේ ඔන්න මටත් ඔහොම සිද්දියක් උනා කියමුකෝ. කතාව පටන්ගත්ත ...................

දවස , 2007 නොවැම්බර් 10 ( ද 17 ද කියල මතක නෑ . කොහොමහරි මේ දවස් දෙකෙන් එකක් . මේ දවසත් මට මතක නෑ . පරණ කැලැන්ඩර් බලල අමාරුවෙන් ගාන හදාගත්තේ ) සෙනසුරාද දවසක් . මම ක්ලාස් ගිහින් එන්න බස් එකකට නැග්ග . වාහන ගැන ඒ කාලේ ඉඳන්ම හොයන නිසා බස් එක මතකයි . නාවලපිටිය ඩිපෝවේ බස් එකක් NW79 TATA බස් එකක් , අර මහින්ද රාජපක්ෂ ජනාදිපති වෙලා ලංගම අයෙත් පිහිටවල මුලින්ම ගෙනාපු බස් සෙට් එකේ බස් එකක් ( ලඟදි මුන් බස් එක වෙනස් කරලා දැන් NW79 යන්නේ leyland එකක් ) නැගල ඉඳගත්ත ජනේලයක් අයිනේ . දැකල පුරුදු ගෑනු ළමයෙක් බස් එකට නැගල මම හිටපු සීට් එකේ එහා පැත්තේ ඉඳගත්ත , ඉස්කෝලේ ඇඳුමෙන්ම , සෙනසුරාද . මටත් ගානක් නෑ  මොකද මගේ අතට මුලින්ම ෆෝන් එකක් හම්බුනේ ඒ සතියේ එදා තමයි මුලින්ම ඕක ගෙදරින් එලියට අරන් ගිය දවස . ඒ නිසා අවධානය තිබ්බේ එකේ . එත් ඉතින් දැකපු දේවල් දෙක තුනක් ඔලුවට දාගත්ත .

එක - එයාට බස් සීසන් එකක් තිබුන
දෙක - පස්සේ මතක් උනා මෙයා අපේ ක්ලාස් එකේ
තුන - අන්තිමටම මතක් උනා කෝච්චියේදී දැකල තියෙනවා හැබැයි උදේද හවසද කියල ගානක් නෑ

බස් එකෙන් බැහැල යන්න හදල නිකමට ආපහු බස් එක දිහා හැරිලා බැලුව. මම හිටපු සිට එක දිහා ...................................................... ඔන්න මගේ ජිවිතේ අවුරුද්දක් විතර සිස්ටම් අවුල්  කරපු පලවෙනි හේතුව . අර ගෑනු ළමය මගේ දිහා බලල හිනා උනා ආයේ කවදාවත් අමතක නොවන විදිහට .( පස්සේ කාලේදී කැම්පස් ඇවිත් එක එක ක්ලාස් වලට ගිහින් ගොඩක් ගෑනු ළමයින්ව මුණගැහුන , ඊට වඩා ගොඩක් ලස්සන අය එත් කවදාවත් ඒ වගේ පිස්සු හැදිලා අයෙත් හැදෙන හිනාවක්නම් මේ තරම් කාලෙකට දැකල නෑ ) ඔය හිනාව තමයි මාව කෑවේ. නපුරු කලට සතහට පැමිණෙති විපත කිව්වලුනේ. ඒ තප්පරේට මගේ සිස්ටම් අවුල් ගිහින් , ප්‍රෝග්‍රෑම් රීසෙට් වෙලා අර ගෑනු ළමය ගැන පිස්සු වැටිලා ඉවරයි. එක පාරටම තොල කට වේලිලා ගිහින් . හාට් බිට් එක 200 ට වගේ නැගල , දාඩිය දාල ඒ ගමන්ම සීතලට හිරිගඩු පිපිලා මගේ භෞමික අඛණ්ඩතාවය නැති වෙලා ගියා වගේ සීන් එකක් තමයි උනේ ( කොහොමත් ඊට පස්සේ එයාව දකිනකොට, පස්සේ මුලින්ම එයාට කතා කරපු දවසේ වගේ ගොඩක් වෙලාවට මට මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරා )  ........... ඔන්න බස් එකෙන් බැහැල ගෙදර ගියා .

ඒ දවස්වල තමයි සන්ජේ ලීලා බන්සාලි ගේ saawariya ෆිල්ම් එක ආවේ. ඔකේ තේමා ගීතය තමයි ඒ දවස්ව ල මගේ ඔලුවේ නිතරම තිබුනේ, ඒ නිසා මේ සිද්දියටත් ලස්සනට ඒක සම්බන්ධ උනා. ඒ නිසා ඔය සින්දුව  අහනකොට ඔය සිද්දිය තාමත් මතක් වෙනවා





දැන් ආපහු කෝච්චියට ..........

ඔන්න ඉතින් ඊළඟ සඳුදා උදේ කෝච්චියට සෙට් උනා (මේකට කියන්නේ 236 කියල. මේ කෝච්චිය ගැනනම් කියන්න කතා අනන්තයි අප්‍රමානයි ඒවා පස්සේ. ) පුරුදු විදිහට ඉස්සරහින් නගින්නේ නැතුව ගියා  පස්සට . ඔව් මම නැතත් හිත කාවදෝ හෙව්වා. හොයාගන්න බෑ. කෝච්චිය දිගයිනේ අප්පා ..... අයෙත් ආව ඉස්සරහට අද්දන්නත් ලඟයි මැද හරියෙන් එල්ලුනා . කෝච්චියේ යන්න අරන් අවුරුදු දෙකක් ගියත් මම කෝච්චිය ඇතුලේ වෙන දේවල් ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ . එක වෙනම උප සංස්කෘතියක් ඔන්න ඔය උප සංස්කෘතියට මාව නිරාවරණය වෙන්න ගත්තේ මේ දවසේ ඉඳන් . මෙච්චර දවස් දොරේ එල්ලිලා ගියාට අද එහෙම බෑ , හොයාගන්න එපැයි කොහෙන්හරි. ගියා ඇතුලට , හප්පා සෙනග මට ඕව අදාළ නෑ බෑග් එකත් එල්ලන් රවන ඔරවන අයව ගණන් ගන්නේ නැතුව ඉස්සරහට ගියා . ම්ම්හු නෑ ........පේරාදෙණියේදී ටික වෙලාවක් නවත්තල තියෙනවා කොළඹ කෝච්චියට යන අයට මාරු වෙන්න . ඔන්න ඔය වෙලාවේදී සෙනගත් අඩු උනා ... මම බැහැල platform එකේ ඇවිද ඇවිද ඉන්නවා. කොහෙද බන් උඹ යන්නේ , යමන් අපිත් එක්ක පස්සට අපේ ඉස්කෝලෙම එකෙක් ඇවිත් කිව්වා. වෙන කරන්න දේකුත් නැනේ . ඔන්න ඔහේ ගියා පස්සට, ඔන්න සෙට් උනා කෝච්චියේ නියම සෙට් එකට.

මෙන්න මෙහෙමයි සොයාගැනීම් ( එදා නෙවෙයි ඊට පස්සේ ගත උන කාලේදී )

ඉස්සරහම පෙට්ටිය - මෙලෝ රහක් නැත . බොහෝවිට නිතරම කෝච්චියේ නොයන , ප්‍රදාන දුම්රිය ස්ථාන වලින් නගින අය. තනි තනි මගින් බහුලය.

2, 3 පෙට්ටි වැදගත් විදිහට යන සාමාන්‍ය මගින් , පුරුද්දක් විදිහට කණ්ඩායම් විදිහට ඒ පෙට්ටියේම යන අය යම් ප්‍රමාණයක් ඇත . ඉස්කෝලේ යන ගෑනු ළමයි, පොඩි අය වැඩි ප්‍රමාණයක් යන්නේ මේ හරියේ . හප්පා සෙනග

4 - ඔන්න හොඳම හරිය පටන්ගන්නවා. වැඩි හරියක් කණ්ඩායම් විදිහට ඒ ඒ තැන් වලම හැමදාම යන අය. රැකියා වලට යන අය වගේම ඉස්කෝලේ යන අයගේ කණ්ඩායම් එහෙමත් ඉන්නවා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා හොඳ සංගීත කණ්ඩායමකුත් හිටිය , කොච්ච්චියේ සින්දු කියන ඉස්කෝලේ යන සෙට් එකක්.

5 හෙවත් අන්තිම පෙට්ටිය, මෙන්න නියම තැන . හිටපු නසරානිම සෙට් එක ඉන්නේ මේකේ . මැර ටයිප් සෙට් එක , ෆුල්ම ආතල් සෙට් එක  ඔක්කොම මේකේ .බහුතරය ඉස්කෝලේ යන අය.එක ඔෆිස්  සෙට් එකකුත් හිටිය ඒ ගැන පස්සේ ලියන්නම්. මොකද පස්සේ කාලෙකදී මේ සැකැස්ම එක පාරට වෙනස් උනා මොකද මේ නසරානි සෙට් එක අතුරුදහන් වෙන්න ගත්ත නිසා
(හැබැයි 2.10 නම් මේ සෙට් එක ඉන්නේ ඉස්සරහම පෙට්ටියේ )

මාව සෙට් උනේ මේ අන්තිම පෙට්ටියට . හැබැයි මාව එතනට ගැලපුනේම නෑ වගේ දැනුනේ. එත් අඳුරන අය හිටිය නිසා ඔන්න ඔහේ ෆුට් බෝඩ් එකක් අල්ලන් ගියා . ඔය පෙට්ටියේ යන අයගේ වර්ගයේ කෙනෙක් නොවුනත් පස්සේ කාලෙක මම මේ අන්තිම පෙට්ටියේ නිත්‍ය සාමාජිකයෙක් උනා . අහපු කතා ,කියපු කතා , කරපු වැඩ සහ මුණගැහුන අමුතුම චරිත සැහෙන්න තිබුන මේ පෙට්ටියේදී . ඒ ගැන වෙනම පොස්ට් එකක් ලියනවා. කොහොමහරි එදා කෝච්චිය ඉස්කෝලේ ලඟටත් ආව මමත් ඉතින් හිතේ පොඩි අවුලකින් උනත්  ඉස්කෝලේ ලඟින් බැස්ස . බැහැල ඉස්කෝලෙට යන්න platform එකේ ආපස්සට එනකොට පුරුදු විදිහට කෝච්චිය දිහා බැලුන . එතකොට දැක්ක අර හිනාව .......ඔව් එයා තමයි ...නරකම දේ , අන්තිම පෙට්ටියේ .................කොහොම කොහොමහරි මේ වැඩේ මගේ දෛනික චර්යාවේ උදැසන කරන චාරිත්‍රයක් වගේ උනා . විශේහ්ස දෙයක් නෑ ඉතින් . එයා ඉන්න තැන හොයාගෙන ඒ ලංගම තියෙන ෆුට්බෝඩ් එකේ එල්ලිලා ඉස්කෝලේ යනවා. බැහැල යනකොට මෝඩයෙක් වගේ හිනාවෙලා යනවා. හැබැයි හරි සෝක් අප්පා.

ඔන්න ඔය විදිහට හිනා වේවි මාසයක් දෙකක් ගියා , කතා කරේ නෑ තාම . මගේ වටේ හිටපු අපාය සහාය මිත්‍රයෝ සෙට් එකට ඕක මීටර් උනා .. හැබැයි උන්ගෙන් අහන්න ලැබුන දේවල් නම් එච්චර හොඳ නෑ . කෙටියෙන් කිව්වොත් එයා එච්චර හොඳ කෙනෙක් නෙවෙයි , හැම තැනම කොල්ලෝ ...bla bla bla .................... අනේ පලයන් බන් යන්න එයා එහෙම නෑ . එහෙම උනත් මොකෝ හදල ගන්නවා ........  ( ඕකනේ පිස්සු කියන්නේ ඔය කාලෙට. අම්මප මට අතීතෙට යන්න පුලුවන්නම් ගහනවා කනැ පැලෙන්න මටම)

කොහොමහරි කවුද ඕව ගණන්ගන්නේ කියල මගේ වැඩේ මම දිගටම කරගෙන ගියා . තව දෙයක් මෙයාට ඉන්නවා අක්ක කෙනෙකුයි නංගි කෙනෙකුයි . තුන්දෙනා එකටමයි යන්නේ. තුන් දෙනාම වගේ ලස්සනයි .  යන්නෙත් අර නසරානි සෙට් එක්ක අන්තිම පෙට්ටියේ . බලනකොට කෝච්චියේ මේ තුන් දෙනා සැහෙන්න ජනප්‍රියයි . ඔය කාලේ තමයි අර D- TAP කියල සෙට් එකක් ලන්දු කියල සින්දුවක් ගැහුවේ. කොහොමින් කොහොමහරි මේ තුන් දෙනාට දැන් කියන්නේ ලන්දු කියල . හෑ ...............


ඔය කාලේදී ඉතින් මෙයා පස්සේ යන නිසාම එක එක විදිහේ අයව සෙට් උනා . කලින් මෙයාට සෙට් වෙන්න ට්‍රයි කරපු අය, ඒ වෙනකොටත් ට්‍රයි කරන අය, උන්ගේ වටේ හිටපු අය අක්කත් එක්ක සෙට් වෙලා හිටපු එකා , නංගිට ට්‍රයි කරපු ය. මෙකි නොකී සැහෙන්න පිරිසක් හම්බුනා .මාත් උන් එක්කම යන්න එන්න පටන්ගත්ත. සැහෙන යාලුවෝ ගොඩක් හැහදුනා එකෙන්. ඕක තමයි කෝච්චියේ ජිවිතේ හොඳම හරිය . දැන් අර උප සංස්කෘතියට වැටිලා.මට පිස්සු

උදේ වැඩේ හරි . එත් හවස ? මම කිව්වනේ බස් සීසන් එකක් තියෙනවා දැක්ක කියල . අන්න ඒ නිසා මම හිතුව හවස කෝච්චිය පරක්කු වෙන නිසා මෙයා හවසට බස් එකේ යනවා ඇති කියල. කොහොමත් 2.10 කියන්නේ කවදාවත් වෙලාවට යන කෝච්චියක් නෙවෙයි. යන්න තියෙන අනිත් කෝච්චි ඔක්කොම ටික යවල, ස්ටේෂන් මාස්ටර් පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳල ,

 "මොකද්දෝ අමතක උනා , මොකද්ද අමතක උනේ , ෂාහ් මතක නෑ නේ .කලිසමත් ඇඳලා, සිප් එකත් දාල , එහෙනම් මොකද්ද අමතක උනේ ? ආ දවල්ට කෑවේ නෑනේ " කියල හිතල කාල "එත් මොකක්හරි මිස් උනා අප්පා. " කියල හිතනකොට ම නිකමට වගේ 5 වන වේදිකාව දිහා බැලුනොත් " අම්මට සිරි 2.10 යැව්වේ නෑනේ " කියල මතක් වෙලා යවන ටයිප් කෝච්චියක් තමයි මේ 2.10

ඕක නිසා මම තීරණය කරා හවසට බස් එකේ යන්න. නාවලපිටිය CTB එකක තමයි යන්න ඕනි . ඔය වෙලාවට බස් 3ක් විතර යනව ඒවත් පට්ට සෙනග . ඇයි ඉස්කෝලේ යන සීසන් ගත්ත උන් ඔක්කොම යන්නේ ඔය බස් තුනේ නේ. ඒ මදිවට ඉස්කෝලේ ළමයි පේනකොට ඩ්‍රය්වර් තව ටිකක් වේගේ වැඩි කරනවා අපේ ඉස්කෝලේ හරියේදී . ට්‍රැෆික් එකටවත් පොඩ්ඩක් වේගේ අඩු උනොත් කට්ට කාල පොර කාල එහෙම නගින්න ඕනි ඉතින්. කොහොම කොහොම හරි සතියක් තිස්සේ ඔය බස් තුනටම වගේ නැගල බැලුව. එක බස් එකකවත් නෑ . ඒ වැඩේ හරියන්නේ නෑ කෝච්චියේ සැපට යන මට බස් ගමන දැන් හරියන්නෙම නෑ . අයෙත් දෙකයි දහයේ යන්න හිතන් ආව දෙකයි දහයේ ඊළඟ සතියේ ඉඳන් . මෙන්න ඉන්නවා දෙකයි දහයේ. ආයේ මොකටද බස් වල යන්නේ .

ඔන්න ඔහොම කාලයත් එක්ක එයාගෙන නම ගම හොයාගත්ත. හුටා එයා catholic, පුදුම වෙන්න දේකුත් නැ ඉතින් අර ප්‍රසිද්ද කන්යරාමෙකට නේ ඉස්කෝලේ ගියේ. අනික ඕව කවුද ගණන් ගන්නේ පරම පවිත්‍ර පූජනීය ප්‍රේමයට ජාති කුල මල ආගම් බේධ අදාළ නෑ නේ.  ඒ මදිවට නමත් මහා විකාර නමක්. ඒ දවස් වල ජනප්‍රිය කාටුන් එකක හිටපු චරිතයක නමක් කිව්වනම් හරියටම හරි. නෑ ඒ කාටුන් චරිතේ ෆොටෝ එක දාන්න බෑ . මාව දන්නා කියන එකෙක් දැක්කොත් හත්පොලේ ගෑවෙන්න මාට්ටු වෙනවා. එච්චරට ඔය නම අපේ ඉස්කෝලෙත් ජනප්‍රිය උනා . කොහෙද අර කෝච්චියේ යන අපේ අපාය සහායක සෙට් එකට කටවල් තියන් ඉන්න පුළුවන් එකක් යැ.

කොහොම කොහොමහරි මගේ කොච්චි ජිවිතේ හොඳම කාලේ පටන්ගත්තේ මේ දවස් වල තමයි. මොකද වෙනද 1.30 ට ඉස්කෝලේ ඇරිලා 2.15 වගේ වෙනකන් ඉස්කෝලේ ළඟ බලන් හිටපු එකේ මම ඉස්කෝලේ ඇරුන ගමන් බස් එකක නැගල නුවර ස්ටේෂන් එකටම යන්න පටන්ගත්ත. වැඩි වෙලාවක් බල බල ඉන්න පුළුවන්නේ . අන්තිමට නුවර ස්ටේෂන් එකට ඇවිදන් යන දුර තියෙන එයාගේ ඉස්කෝලේ ඉඳන් එන්න කලින් මම නුවර . ඒ වැඩේ කෙසේ උනත් මට තේරුණා නුවරට යන එක හොඳයි කියල. තව කට්ටියත් සෙට් උනා . මොකක්හරි කයිවාරුවක් ගහල , මගේ අනිත් පරම පවිත්‍ර පූජනීය ප්‍රේමය වෙච්ච කෝච්චි දිහා එහෙම බලන් ඉඳල . නුවර ස්ටේෂන් එකේ වැඩ කරන අයගෙන් අහගෙන එක එක දේවල් ගැන දැනුවත් වෙලා ඔය කාලේදී ජීවිතේට ගොඩක් දේවල් එකතු උනා.අරයගෙ අක්ක එක්ක සෙට් වෙලා හිටිය "ටින් ටින් " කියල හඳුන්වපු අයියව සෙට් උනෙත් ඔය කාලෙම තමයි , අඳුරගත්ත, හැබැයි වැඩි කතාවක් නෑ . මේ කතාවේ අන්තිම හරියේදී මිනිහව ආයේ සෙට් වෙයි කතාවට.

දැන් ඉතින් අඩුම ගානේ එයත් එක්ක කතා කරන්නත් ඕනිනේ . මෙහෙම නිකන් ඉඳල හරි යන්නෙත් නෑ නේ . ඕකට කොච්චරනම් ට්‍රයි කරාද, ඇයි ඉතින් 10 වසරේ හිටියට මේ වෙනකන් කෙල්ලෙක් එක්ක කතා කරලවත් නෑ කියහන්කෝ. විලි ලැජ්ජාවේ බෑ  අප්පා .කොහොමහරි මාස තුනක් හතරක් නෑ ඊටත් වැඩිද මන්ද පෙරුම් පුරලා පෙරුම් පුරලා ඔන්න දවසක් උදේ ක්ලාස් එකට යන ගමන් ක්ලාස් එක ඉස්සරහදීම කතා කරා. අපරාදේ කියන්න බෑ ඉතින් සැහෙන්න හොඳට කතා කරා . හිනාව වගේම තමයි කටහඬත් මාරම ලස්සනයි. එදා දවසෙනම් ක්ලාස් එකේ ඉගැන්නුවද කියලවත් මට මතක නෑ . අර පාවී පාවී ඉන්නවා කියන්නේ. එහෙම තමයි එදා හිටියේ. ගෙදර ආපු විදිහවත් මතක නෑ .

කොහොමින් කොහොම හරි සෙනසුරාද හවස ක්ලාස් එක 12.30 ට ඉවරයි . මම සාමාන්යෙන් 1.30 / 2 වගේ වෙනකොට ගෙදර එනවා බස් එකේ. එත් දැන් මෙයා යන්නේ 2.10 කෝච්චියේ . මාත් ඉතින් පුරුදු උනා 12.30 ට ක්ලාස් ඉවර වෙලා 2 වගේ වෙනකන් කොහෙහරි ඇවිදලා කෝච්චියේ එන්න. ඔන්න ඔය කාලේ ඒ කියන්නේ 2008 දී සැහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න උනා මේ වැඩේ නිසා . හේතුව තමයි ඕක යුද්දේ දරුනුවටම ගිය කාලයක්. හැම තැනම පොලිසියෙන් . ක්ලාස් එක ඉවර වෙලා එතන ඉස්සරහ බලන්  ඉඳල දවස් දෙකක් තුනක්ම පොලිසියෙන් සැහෙන ප්‍රශ්නයක් උනා. ඒ කාලේ අයිඩෙන්ටිය හදලත් නෑ . ඒ නිසා ලෝක ප්‍රශ්න. ඕන ඔහොම කට්ට කාගෙන තමයි ඉතින් හවස කෝච්චියට ආවේ. හැබැයි ඉතින් හැම දෙයකම නරක වගේම හොඳ පැත්තකුත් තියෙනවා කියනවනේ. මේ වෙනකොට මට එක දවසක් එයාට කතා කරලා තිබුනට මොකද තාමත් කතා කරන්න ටිකක් බයයි . ඔහොම දවසක දවසක් ක්ලාස් ඇරිලා 2.10 යේ ගිහින් කෝච්චියෙන් බැහැල යන්න හදනකොට මුළු කෝච්චියෙම අය කලබල වෙලා කෑගහන්න ගත්ත. බලද්දී බෑග් එකක් තියෙනවා අඳුරගත්තේ නැති. මම ඉතින් ගෙදර යන එක පැත්තක තියල බෑග් එක පිටින් දාල එයත් එක්ක ටිකක් කතා කර කර හිටිය. කරුමෙට බෑග් එකේ අයිතිකාරයා ආවනේ ඒ නිසා කෝච්චිය පිටත් උනා . මම ගෙදර ආව.

ඔන්න ඉතින් සුන්දර කොටස ඉවරයි. දැන් ඉතින් "දුක තමයි" කොටස. මේ ඔක්කොම උනේ මාස දෙකක් වගේ ඇතුලත . තාම කැමැත්තක් අහල වත් මුකුත් නෑ . ටික දවසක ඉඳන් මෙයා මාව ටිකක් මග අරිනවා වගේ දැන් නම්. දවසක් ............................... මතකයි මට අද වගේම තව එක දවසක්, මීට මාස දෙකයි දින දහයයි එදා වැහි දවසක්.... මාස දෙකක් නෙවෙයි අවුරුදු 8ක් වගේ ඇති එත් ඒක වැහි දවසක් .සින්දුව ආපු කාලෙමයි.



මම වැස්සේ තෙමිගෙන 2.10 ට ගියා එයාව බලන්න. එයා හිටපු පෙට්ටියට ගිහින් පොඩ්ඩක් කැරකි කැරකි හිටිය .......... හිතපු නැති දෙයක් උනේ , කලර් කිට් එකෙන් හිටපු ටිකක් උස මහත සෙට් එකක් මාව පැත්තකට එක්කන් ගියා " උඹ අර කෙල්ලට ට්‍රයි ද ? " ............මම - " ඇයි ඒ ගැන අහන්නේ ?" .....අරූ - " නෑ නිකන් , පරිස්සමින් හිටපන්" ..........ඔච්චරයි උනේ ඌ ගියා . එත් හිතට හරි නෑ . ඔව් එදා ඉඳන් තමයි මට හෙන ගහන්න පටන්ගත්තේ , කිසි දෙයක් හරියට උනේ නෑ . ඊට පස්සේ ගෙවුන සති කීපයේ අරය ක්ලාස් එන එකත් ටිකක් අඩු උනා .ඉස්සර වගේ වැඩිය මාත් එක්ක හිනා උනෙත් නෑ .දවසක් ක්ලාස් ඇරිලා යනකොට මට හම්බවෙලා කිව්වා "ඔයා හම්බවෙනවට අපේ ඉස්කෝලෙන් කෙස් ඒ නිසා මාත්  එක්ක වැඩිය කතා කරන්න එපා කියල" හෑ . මලල සේකරයි .

ඔය දවස් වල තමයි කෝච්චියේ එයාල හිටපු සෙට් එකට අලුතෙන් එකෙක් පාත් වෙන්නේ . ඉෂාර කියල චරිතයක් , ගම්පොල පැත්තේ . මුලදී එච්චර විශේෂයක් පෙනුනේ නැතත් පස්සේ පස්සේ මූ මොකක්හරි අමුතු වැඩකට තමයි එන්නේ කියල මට ලාවට තේරුනා . දවසක් මූ මගෙන් කෙලින්ම ඕක ඇහුව. උඹ ****   ට ට්‍රයි ද ? මට ඔව් කියන්නත් බෑ අම්බානක ගුටි කන්න වෙයිද දන්නේ නෑ මූ හෙන මැරයෙක් වගේ පෙනුම තියෙන එකෙක් . නෑ කියන්නත් බෑ . එත් මොකද්දෝ මගේම කරුමෙකට (දැන් නම් හිතෙනවා වාසනාවකට කියල ) මට නෑ කියවුනා . ආ එල එල බන් කියල මගේ පිටට තට්ටුවකුත් දාල මූ ගියා . හැබැයි ඉතින් මිනිහට මාත් එක්ක කිසි අවුලක් තිබුනෙත් නෑ . ශේප් එකේ කතා බහ කරලා හිටිය.  මහා කැත වැඩක් උනා දවසක්. උදේ මම කෝච්චියට  නැගල සුපුරුදු තැනට ගියා විතරයි අරයගෙ අක්ක එක පාරට මට කතා කරලා ඇහුව ,කෝ ඉෂාර ව දැක්කද කියල. මම දැක්කේ නෑ කිව්වා. එත් ටික වෙලාවකින් මු ඇවිල්ල මට කොලයක් දීල ගියා මේක අරයට දෙන්න කියල. දුන්න, මු ගියා . මමත් නිකන් ඉන්න බැලුවට ඇරලා බැලුව. මූ අරයට ලියුමක් දීල තියෙන්නේ. කැමතියිද කියල කෙලින්ම අහල තිබුන .

පොඩි විරාමයක් , තව සින්දුවක්


උඹ මම උනානම් උඹ මොනවා කරයිද, මම මොනවා කරන්න ඇද්ද. ඒ වෙලාවේ හිතට ආපු දේවල් විස්තර කරන්න මට වචන නෑ. මහා දුකක් වගේම ලොකු කලකිරීමකුත් ආව. මම ඒ විදිහට කරේ ඇයි කියන්න මම දන්නේ නැ. එත් මම  ඒ ලියුම මුකුත් නොකර තිබුන විදිහටම නමල එයට ගිහින් දුන්න මෙන්න මේක ඉෂාර දුන්න කියල . එක කියල වෙන වචනයක්වත් කතා නොකර මම ආව.ඇයි ඔයි මම එහෙම කරේ, මට පිස්සුද නැත්නම් වෙන මොකක්හරි අවුලක්ද ? සමහරවිට උඩ ඉන්නකෙනා  ඒ වෙලාවේ මට ඇවිත් කියන්න ඇති "උඹ ඕක ගිහින් දීපන්, ඕක දුන්නම උඹ මාරකෙකින් ගැලවෙනවා කියල" ඒක ඇහෙන්න ඇත්තේ මගේ යටි හිතට විතරයි.  ඔතනින් එහාට ඉතින් උනේ දවසක් ගානේ මම විඳවපු එක තමයි.

දවසකින් දෙකකින් උන් දෙන්න සෙට් වෙලා තිබුන. දෙන්න කෝච්චියේ , බස් වල එකටමයි ගියේ . සමහර දවස් වලට එයා මන් දිහා බලල හිනා උනා , වෙනද වගේමයි . එත් ....................................වැඩක් නෑ ඕව කතා කරලා. මගේ කෝච්චියේ ජිවන රටාවත් වෙනස් උනා . වෙනද නුවරට ගිය ගමන් එයා ඉන්න පෙට්ටියට ගිය මම දැන් කෝච්චිය අද්දනකන් 5 වෙනි වේදිකාවේ බංකුවකට වෙලා ඔහේ බලාගත්තඅත බලන් ඉන්නන පුරුදු උනා කියන්නේ ස්ටේෂන් එක කෙලවර තියෙන මහා  පාලු වෙච්ච වේදිකාවක් . 2.10 යන කෙනෙක් ඇරෙන්න වෙන කවුරුවත් ඔතනට එන්නේ නැ . එත් සමහර දවසට එක එක්කෙනා එනව ඇවිත් මගේ බංකුවේ අනිත් කෙලවරේ ඉඳගන්නවා. සමහරවිට ඉස්කෝලේ යන කෙනෙක්. නැත්නම් නුවර ස්ටේෂන් එකේ වැඩ කරන කෙනෙක්, සමහර දවසට 2 ට යන පොල්ගහවෙල කෝච්චියේ ඩ්‍රයිවර් . පාළුව නැති වෙන්න මම ඒ හැමෝම එක්ක කතා කරා . ජීවිතේට තවත් කට්ටිය එකතු උනා . ෂෙහාන් හෙවත් ගල් සාදු , හසිත හෙවත් නෙහාරා , විශ්ව හෙවත් නංගි, රමේෂ් මෙහෙම මුණගැහුන අය. සමහරවිට ඉස්සරහට කොච්චි කතා වලින් මේ අය මුණගැහෙයි. තව නුවර ස්ටේෂන් එකේ වැඩ කරන සුදු අයිය , 2.10 කෝච්චියේ ටිකට් විකුණන ටිකට් ඇන්ටි එහෙමත් ඔතනදි මුණ ගැහුන අය.

දවසක් ඉශාරය මට CD එකක් ගෙනත් දුන්න දුන්නේ කවුද කිව්වේ නැ. ඇතුලේ තිබුන සින්දු ටිකක්. ඒ අස්සේ Word document එකක් තිබුන . අනන් මනං ගොඩක් කියල අපි යාළුවො වගේ ඉමු කියල අන්තිමට ඉවර කරපු රතු පාටින් ලියපු ලියුමක් . දුන්නේ කවුද කියල තාම දන්නේ නැ .

දවසින් දවස ගියා , එයා ක්ලාස් එන්නෙත් නැති උනා , මම හොයන්න ගියෙත් නෑ . මන් හිතන්නේ ඒ කතාවත් ඉවරයි . ඊට ටික කාලෙකට කලින් ආසයි මන් පියාඹන්න චිත්‍රපටියට අමිල පෙරේරා කියපු මේ සින්දුව ඒ දවස් වල නිතරම මගේ ඔලුවේ play උනා . තවමත් මේක අහනකොට හේතුවක් නැතුවම වගේ හිතට අමුතුම හැඟීමක් එනවා. එදා දැනුන හැගීම වගේම එකක්.


මේ සින්දුවත් ඕකත් එක්ක හරි හරියට play උනා  




හ්ම්ම් ඔච්චරයි කතාව. හැබැයි මම කෙල්ලෙක් නිසා කොච්චිය නම් අතහැරියේ නෑ . තව කෙනෙක් ජීවිතේට එකතු උනා . හිතාන හිටියේ ඊළඟට එයා ගැන ලියන්න . එත් මට බෑ එයා ගැන ලියන්න මීට වඩා ගොඩක් විඳවන්න උනා . ගොඩක් ......කොටින්ම 80% ක් විඳවපු එක තමයි උනේ . එක ලිව්වොත් හිතට දුකක් එනවා මිසක් වෙන මුකුත් වෙන එකක් නෑ .ඒ නිසා ඒ කතාව ඕනි නෑ .

ටිකක් fast foward කරමු කතාව. මොකද කට්ටියට උනේ .

අවුරුද්දකට වගේ පස්සේ ටින් ටින්  අයියව හම්බවුනා , අර බංකුවේ දීම . අරයගෙ අක්ක මූව දාල ගිහින් කෝච්චියේ කවුරුවත් හිතුවේ නැ ඒ දෙන්න හිටපු විදිහට එහෙම වෙයි කියල. ටිකට් විකුණන ඇන්ටි පවා එදා ඇවිත් මුගේ හිත හැදෙන්න එක එක ඒවා කිව්වා. ඒ කෙල්ල වෙන  එකෙක්ව බැඳලා ත් එක්ක. මුට සැහෙන්න අවුල්. අයෙත් අවුරුද්දකින් හම්බවුනා , මිනිහ military police ගිහින්. මේ ලඟදි මම බයික් එකේ යද්දී ගෙලිඔය ටවුන් එකේදී හම්බවුන. මම ටක් ගාල බයික් එක නවත්තල ගිහින් කතා කරා . ගෙලිඔය පැත්තේ කෙල්ලෙක් සෙට් වෙලා දැන් බඳින්න ලු ඉන්නේ .

ඉශාරය , ඒ යකා O/L  ඔක්කොම ෆේල් වුනා කියල ආරංචි උනා .එච්චරයි .

වැදගත්ම කෙනා - වෙන එකෙක් එක්ක සෙට් වෙලා කියල ආරංචි උනා ටික කාලෙකින් , ඊට පස්සේ මේ ලඟක් වෙනකන් කිසි ආරංචියක් නෑ . එත් ලඟදි..........

කැම්පස් එකට යන්න කොළඹ බස් එකට නගින්න නුවරට යන්න සෙනසුරාද දවසක නැග්ග 236 ට . දැක්ක අඳුරන කෙනෙක් ඉන්නවා. ඔව් එයා . පලවෙනි දවසේ උනා වගේම හාට් බිට් වැඩි වෙලා, මොකද්දෝ එකක් උනා එත් මට දැන් එයාගෙන් වැඩක් නැ, ඊට වඩා දහස් ගුණයක් , නෑ ඊට වඩා ගොඩක් වැඩි කෙනෙක් දැන් මට ඉන්නවා. එත් , පැරණ ප්‍රෝග්‍රෑම් එක ජාන වල වැඩ මන් හිතන්නේ. එකයි පොඩ්ඩක් RPM එක වැඩි උනේ. ගණන් ගන්න බෑ . කෝච්චියෙන් බැහැල යනකොට නිකමට හිතුන කතා කරන්න, ගියා , කතා කරා .කටහඬ නම් එදා වගේමයි. වැඩක් නෑ කතා කරලා 

මම - මාව මතකද 

එයා - ඔව් ( ලස්සනට හිනා වෙලා ) , කොහෙද මේ යන්නේ , මොකද දැන් කරන්නේ.

මම - කොළඹ යන්න කියල, දැන් කැම්පස් . ඔයා?

එයා - මම නාවලපිටියේ ඉන්ටනැෂනල් ස්කුල් එකක ටීච් කරනවා.

මම - යන්නම් එහෙනම්

ඔච්චරයි , එත් පරණ දේවල් කොහොම අමතක කරන්නද. 

මේ ලඟදි අර profile  එක දැක්ක . දැන් නම් මුස්ලිම් එකෙක් එක්ක සෙට් වෙලා ඉන්නේ. එකෙත් හැටි ......................

ඔච්චරයි කතාව . ඔව් ඇති දෙයක් නෑ . එත් 10 වසරේ ඉන්න අවුරුදු 16 ක කොල්ලෙක්ට මේක ලොකු කතාවක්. අන්න ඒ කොල්ලගේ මට්ටමට ගිහිල්ල තමයි මම මේක ලිව්වේ. හිතේ තියෙන හැඟීම් අකුරු වලට ගන්න නම් හරි අමාරුයි. ඒ නිසා මේක අසාර්ථක පොස්ට් එකක් ද මන්ද. එත් කමක් නෑ දවස් දෙකක් තිස්සේ ටයිප් කරපු මහන්සියටවත් comment එකක් එහෙම දාගෙන යමු , කමක් නෑ බැනල හරි පලයල්ලා. 

එහෙනම් කතාව ඉවරයි ..... කෝච්චි කතා තව ඉස්සරහට එයි. මේ වගේ ඒවා ලියන්න එපා වගේ නම් එකත් කියල පලයල්ලා.  සුභ රාත්‍රියක්. 


ඔන්න පබ්ලිෂ් කරා 

Wednesday, August 31, 2016

බෝඩිමට ආව කබරයා

මම කැම්පස් ආපු දවසේ ඉඳන් තාම ඉන්නේ එකම බෝඩිමේ තමයි. මේක අපේ room එකට අලුතෙන් ආපු එකෙක් දුන්න ආතල් එකක් . ආතල් කිව්වට මතක් වෙනකොටත් යකා නගිනවා .

අපේ තියෙන්නේ තට්ටු ඇඳන් දෙකක් . මම එකක යට තට්ටුවේ ඉන්නේ. උඩ ඇඳේ හිටපු එකා බෝඩිමෙන් අයින් වෙලා ගියා . ඉතුරු තුන් දෙනාම බොන උන් නෙවෙයි , අපි ඉතින් පාඩුවේ ඉන්න චරිත .

මේකේ කාමර 14ක් තියෙනවා අපි උඩ තට්ටුවේ ඉන්නේ. දවසක් යට තට්ටුවේ එකෙක් අඳුරන එකෙක් කියල එකෙක්ව එක්කන් ආව බෝඩිමට ඉතුරු වෙලා තිබුන එකම ඇඳ මගේ ඇඳේ උඩ තට්ටුව උට දුන්න . ඩයල් එක QS කරන චරිතයක් . ටිකක් ( ටිකක් නෙවෙයි සැහෙන්න ) මහත චරිතයක් . මු ඇවිල්ල මාසයක් වගේ ගියා , මුගේ කතා වලින් තේරුණා විදිහටනම් මු අමු බෙබා. එත් බිල ඇවිත් අපිට වාතයක් උනේ නැති නිසා ඔහේ ඉන්න ඇරිය වෙන වෙන අංශ වලින් අපිට වාතයක් උනත් . වෙන වෙන අංශ කිව්වේ මූට සෙරෙප්පු දෙකක් නෑ හැමදාම දාන්නේ අපි කාගෙහරි සෙරෙප්පු දෙකක් . අපේ එකෙක් වැඩට යන්න ඇඳුම් ලෑස්ති කරලා පොඩ්ඩක් එලියට ගියොත් මූ මේස් දෙක දාගෙන යනවා. ඒ වගේ චරිතයක් .

හැබැයි මුගේ සාමකාමී ගතිය වැඩි දවසක් තිබුනේ නෑ . දවසක් මු පහල තට්ටුවේ මුගේ සෙට් එකත් එක්ක බොන්න සෙට් වෙලා . අපිට ගානක් නෑ. අපි පුරුදු විදිහට කාල ලයිට් එකත් ඔෆ් කරලා 11 ට වගේ නිදාගන්න හැදුව විතරයි මෙන්න පහල තට්ටුවේ ඩයල් එකක් මුව අමාරුවෙන් කාමරේට අරන් ආව. ලයිට් ඔෆ් කරලා නිසා අනිත් එකාව දැක්කේ නෑ මාත් නිදි වගේ හිටිය . පස්සේ අරන් ආපු එකාම මුව ඇඳට නග්ගල යන්න ගියා . පට්ට ගඳයි කාමරේම මූ කෑගහනවා වෙරි පිට. ටිකකින් මූ ඇඳෙන් බැහැල එලියට ගියා මම හිතන්නේ පම්ප් එකක් දාන්න . අපි ඉන්න කාමරේ තියෙන තට්ටුවේ කාමර 4යි අනිත් කෙලවරේ තමයි ටොයිලට් බාත්රූම් තිබුනේ . මූ ඒ පැත්තට යන්නේ නැතුව අනිත් පැත්තට ගිහින් පඩිපෙළ ළඟ තිබුන කුණු බාස්කට් එකට පම්ප් එකක් දාල . එක දැක්කේ උදේ . කුණු බාස්කට් එක වහල තිබුනේ ඒ නිසා හැම තැනම .

මු ආපහු කාමරේට ආවට පස්සේ තමයි සින් එක පටන්ගත්තේ. උඩ ඇඳන් වල ඉන්න උන් පහලට වැටෙනවට ඇඳ අයින දිගේ ලී පටියක් ගහල තියෙනවා. අපි ඔකේ රෙදි දානවා සාමන්යෙන්. මුගෙයි මගෙයි දෙන්නගෙම රෙදි තිබුන . මූ පටිය අල්ලන් එකට බරවෙලා උඩට නගින්න හදනවා එත් මුගේ බරත් එක්ක බැ. එක පාරටම ජරාස් ගාල සද්දයක් ආව බලද්දී මු අර පටිය කඩන රෙදි ටිකත් එක්ක කාමරේ බිම වැටිලා. මේ වෙනකොටත් ලයිට් දාල නෑ. මම ටක් ගාල මගේ රෙදි ටික ගත්ත . මූ කියනවා මේක කැඩුන මල්ලි උඹ නිදාගනින් මට අවුලක් නැ කියල. මම නිදාගන්න හැදුව හැදුව එත් ගඳයි මුගේ සද්දෙය් එක්ක නින්ද යන්නේ නැ . මූ කගහනවා කෙල ගහනවා එක විකාරයි. පැයක් විතර ගියාට පස්සේ මම නැගිටලා ලයිට් දාල බැලුව. එතකොට අනිත් ඇඳේ යටහිටිය එකත් ඇහැරුනා . බලද්දී මූ මුගේම රෙදි ගොඩ උඩ කබරයා දාගෙන කාමරේ බිම නිදි .

ඒ කාමරේ ආයේ ඉන්න බැරි නිසා අපි දෙන්න එහා කාමරේ ට ගිහින් නිදාගත්තා.

උදේ ඇහැරලා දැන් අපි අනිත් කාමරේ උන් එක්ක කතා කරනවා ඒ කාමරේ එකෙක් ටිකකින් බලල ඇවිත් කිව්වා අඩෝ අරූ කාමරේ නැනේ කියල. පස්සේ අනිත් එකා ගිය මොකද වෙලා තියෙන්නේ බලන්න. බලනකොට මූ බාත්රූම් එකේ නිදි .

මට ක්ලාස් යන්නත් තිබුන නිසා මම අමාරුවෙන් නහය වහන් කාමරේ ට ගිහින් ලෑස්ති වෙලා ක්ලාස් ගිහින් එහෙමම ගෙදර ගියා සෙනසුරාදා නිසා. ඒ ගමන්ම අන්කල් කාරයට කිව්වා අරුව තියාගන්න බැ කියල. අන්කල් කාරය ඇවිත් අරූව යවල .කාමරේත් හෝදලා දාල.

පස්සේ තමයි දන්නේ මු එදා ගල් බෝතල් එක හමාරකට වඩා අමුවෙන්ම බිව්වලු. මූ හෙන UNP කාරයෙක්. පහල මහින්ද වාදියෙක් එක්ක වලියක් දාගෙන උටත් ගහල ඇවිත් තියෙන්නේ. මුට කැම්පස් යන කාලේ ඉඳන්ම කියන්නෙත් ගල් චාමර කියලලු මොකද ඒ කාලේ ඉඳන්ම මූ ගේ ප්‍රියතම පානය ගල් ලු. එදා ඉඳන් (දැන් මාස 4ක වගේ ඉඳන් ) උඩ ඇඳ තාම හිස්

මූ කබරයා දාපු තැන බිම තාමත් සිමෙන්ති පොලව පිච්චුනා පාරක් තියෙනවා ගල් වල සැරටම

Friday, March 4, 2016

පර්ස් එක නැති උනාද ?

අතරමගදී , බස් එකකදී කවුරුහරි ගැට කපන පින්වතෙකුට පූජා කරලා හරි , අහක යන කෙල්ලෙක්ට පැණි හලන්න ගිහින් අමතක වෙලා හරි තියෙන වටිනා ලියකියවිලි ටිකත් එක්ක පර්ස් එක නැති උනාද ? 

නැත්නම් නැතිකරගන්න බලාපොරොත්තු වෙනවද ? එහෙනම් මෙන්න මං තුමා ලද First Hand Experience අනුව ඔබට ලබාදෙන උපදෙස් මාලාව.

මේක ලියන්න හිතුවේ නැතිඋන ජාතික හැඳුනුම් පතක් , රියදුරු බලපත්‍රයක් අලුතෙන් හදාගන්න එක ගැන 1919 අංකයෙන් පවා ලබාදෙන තොරතුරු වැරදි සහ අඩුපාඩු සහිත නිසයි.

මෙන්න වැදගත්ම එක. 

ජාතික හැඳුනුම්පත 

ජාතික හැඳුනුම්පත නැති උනානම් මුලින්ම කරන්න ඕනේ තමන් පදිංචි (ස්ථිර පදිංචිය) ප්‍රදේශය අයත් ග්‍රාමසේවක මහතා හමුවෙන එක. ගිහින් කතාව කියන්න. එතකොට අවශ්‍ය දේවල් ටික කියයි. 

මෙතැනදී මම කියන්න යන්නේ පොලිසියේ කරන පැමිණිල්ල ගැන. මේ පැමිණිල්ල කරන්න ඕනි ඔබගේ ස්ථිර පදිංචිය අදාළ වන පොලිස් ස්ථානයේ .කොළඹ  කොටුවේ දී නැති උනේ කියල කොටුවේ පොලිසියට පැමිණිලි කරලා වැඩක් නෑ.තාවකාලිකව (බෝඩිමක් වගේ) ඉන්නවනම් ඒ අදාළ පොලිසියට පැමිණිලි කරලත් වැඩක් නෑ . 

අනික මේ පැමිණිල්ල නිකන්ම ලියල දෙන්නේ නෑ . ග්‍රාමසේවක මහතාගෙන් පදිංචිය සහතික කරලා  හැඳුනුම්පත නැතිවීම සම්බන්ධව පැමිණිල්ල බාරගන්න කියල ඉල්ලීමක් කරපු ලියුමක් අනිවාර්යෙන් අරන් යන්න ඕනි.(ඒක තමයි මුලින්ම ග්‍රාමසේවක මුණගැහෙන්න කිව්වේ. ග්‍රාමසේවක ටක් ගාල මේ ලියුම ලියල දෙනවා)

පොලිසියට ගියාම ,

1. මතක් කරලා තමන් අතින් නැතිඋන නිසා නැවත හදාගන්න ඕනි හැම දෙකටම වෙනම පැමිණිලි පිටපතක් ලියවාගන්න .(එකක ඔක්කොම ලියල ෆොටෝ කොපි ගන්නවට වඩා හැම එකටම වෙනම පැමිණිල්ලක් ලියාගන්න එකයි හොඳ ,ඒ කියන්නේ ජාතික හැඳුනුම්පත නැති උනාට එකයි, රියදුරු බලපත්‍රයට එකයි වගේ  මටනම් එහෙම ලියල දුන්න.)

2. ඒක පැමිණිලි පිටපතට රු. 25ක් ගන්නවා . මාරු සල්ලි අරන් යන්න.

3. නැතිඋනා ලියකියවිලි වල අංක මතකනම් ඒවා පැමිණිල්ලට ඇතුලත් කරගන්න.

හරි පැමිණිල්ල ගෙනාවම ග්‍රාමසේවක දෙයි කොළ පාට ෆෝම් එකක් . ඒක හරියට පුරවන්න. එකේ කියල තියෙන ප්‍රමාණයෙන් ෆොටෝ 5 කුත් ගන්න.

තව බැංකු පාස් පොතේ මුල් පිටුවේ ෆොටෝ කොපියක්(මේක ගන්නේ එම ජාතික හැඳුනුම්පත් අංකය කලින් භාවිතා කල බවට සාක්ෂි විදිහට .ඒ නිසා හැඳුනුම්පත් අංකය සඳහන් බැංකු පොතක මුල් පිටුවේ පිටපතක් ගන්න. ඔය කොමර්ෂල් බැංකුවේ පොතේ එහෙම ඕක නෑ), උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් , ෆොටෝ කොපියක් , මාස තුනක් ඇතුලත ලබාගත් සේවා සහතිකයේ පිටපතක් එහෙම අරන් යන්න.

රු. 35ක සහ 15 ක  මුද්දරත් ඕනි වෙනවා , දිග ලියුම් කවරයක් එක්ක (one day service දානවනම් 35 මුද්දරයි ලියුම් කවරෙයි ඕනි නෑ )

ඔය ටික ග්‍රාම සේවකට දෙන්නයි තියෙන්නේ. එයා ඔක්කොම පුරවල යවයි . මාසයක් වගේ යයි හැඳුනුම්පත එන්න.මේ  සාමාන්‍ය ක්‍රමය .

one day service දානවනම් වෙනම ලියුමකුත් ලියාගෙන යන්න වෙනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ට address කරලා එක දින සේවයෙන් හැඳුනුම්පත ලබාදෙන මෙන් ඉල්ලමි කියල. 

මේ ලියුමයි අනිත් ටිකයි ග්‍රාමසේවක සහතික කරලා කලින් ක්‍රමේ වගේ එයා යවන්නේ නැතුව ඔයාටම ආපහු දෙයි. ඒ ටික අරන් ඔයාට යන්න වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එතනින් ඔක්කොම සහතික කරලා ලියුම් කවරෙකට දාල අලවල එහෙම ආපහු ඔයාට දෙයි .

ඕක අරන් දැන් යන්න වෙනවා ජාවත්තේ තියෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට . මෙතන 7 ට වගේ වැඩ පටන් ගන්නවා . උදෙන්ම යන තරමට හොඳයි .

ඇතුලට ගියගමන් කාගෙන්හරි අහන්න one day service දෙන තැන. ඒ තැනට ඇතුල් වෙනකොටම එතන ඉන්න ග්‍රාමාරක්ෂක නිලධාරි කෙනෙක් ඔයාට අංකයක් දෙයි ඒ අන්කෙත් අරන් ඒ hall එකේ ඉස්සරහ ඉන්න නිලධාරියාගෙන් ඔයාගේ ලියකියවිලි ටික සහතික කරගන්න. අර කවරේ ගලවන් යන්න මෙතනට යනකොට. 

ඊට පස්සේ අංකය කතාකරනකන් ඉඳගෙන ඉන්න. කතාකරම අදාළ කවුන්ටරේට ලියකියවිලි ටික දෙන්න. උප්පැන්න සහතිකේ මුල් පිටපත වෙනම දෙන්න.ඒක ඒ වෙලාවේම ආපහු දෙනවා ෆයිල් එකක අනිත් ලියකියවිලි ටිකත් දාල දෙනවා  ඊට  පස්සේ මුදල් දෙවන කවුන්ටරේට 1000ක් ගෙවල අර ෆයිල් ඒක බාරදෙන්න .

දැන් තමයි අමාරුම වැඩේ. පැය තුනක් විතර බලන් ඉන්න වෙනවා. සෙනග වැඩිනම් ඔයාව hall එකෙන්එලියට යවයි. එත් announcement පැහැදිලිව ඇහෙන තැනක ඉන්න.හතරවටේ රස්තියාදු ගහන්න කෙල්ලෝ පස්සේ යන්න එපා. මොකද අයදුම්පත්රයේ හරි ලියකියවිලිවල හරි අඩුපාඩු තියෙනවනම් කතා කරනවා. 

හැඳුනුම්පත හදල ඉවර උනාම නම කතා කරලා(ඒක පාර නම් 20ක් වගේ කියනවා හරියට අහන ඉන්න)කවුන්ටරයක් කියනවා ඒ කවුන්ටරෙන් හැඳුනුම්පත ගන්න අත්සන් කරලා. මතක ඇතුව පෑනක් එහෙම අරන් යන්න.

රියදුරු බලපත්‍රය 

මේකනම් ජාතික හැඳුනුම්පත හදනවට වඩා ලේසියි. 

හැබැයි මේක හදන්නනම් ජාතික හැඳුනුම්පත ඕනි . ඒ නිසා මුලින් ඒක හදන ඉන්න.

ඊට පස්සේ යන්න වේරහැර තියෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට DMT

යනකොට මතක් කරලා ජාතික හඳුනුම්පතයි , පොලිසියේ කරපු පැමිණිල්ලේ පිටපතයි අරන් යන්න. 

ඔයාට තියෙන්නේ අලුත් sim එකක් තියෙන රියදුරු බලපත්‍රයක් නම් මේ ටික විතරයි ඕනි. එත් නැති උනේ පරණ ක්‍රමයේ රියදුරු බලපත්‍රයක් නම් medical report එකක් ගන්න ඕනි. ඒක ගන්නෙත් DMT ඒක ඇතුළෙන්ම තමයි .

මේකටත් උදෙන්ම යන ඒක හොඳයි. අඩුම 8 ට වත් ඇතුලට යනකොටම ඒක එකා කියාගෙන එයි පෝලිම් නැතුව කරලා දෙන්නම් අරක මේක, අහුවෙන්න එපා. 

කෙලින්ම ඇතුලට යනකොටම තියෙනවා ප්‍රවාහන වෛද්‍ය කාර්යාලය. මෙතනින් ඔයාට ඕනි මෙඩිකල් ඒක ගන්න පුළුවන්. මමනම් ගත්තේ නෑ මගේ අලුත් ක්‍රමයේ රියදුරු බලපත්‍රයක් නැති උන නිසා. 

මේකත් අරන් කෙලින්ම පාර දිගේ ඉස්සරහට යනකොට වම් පැත්තේ තියෙනවා H ශාලාව. ඒක ඇතුලට යන්න. ගියාම එතන තියෙනවා counter එකක්. එතනින් ගන්න ඕනි token එකක්. ජාතික හැඳුනුම්පත නිතරම අතේ තියන් ඉන්න. හැම තැනකදීම ඉල්ලනවා .

මේ  token ඒක අරන් ඉඳගෙන ඉන්න. ඒ ශාලාවේ දකුණු පැත්තේ තියෙන දොරෙන්  token අංක කතා කරලා ඇතුලට ගන්නවා . ඇතුලට ගියාම ඔයාට ඉඳගෙන ඉන්න තැනක් පෙන්නයි . එතන ඉස්සරහම තියෙන පොඩි counter සෙට් එකෙන් එකකට ඔයාව කතා කරයි. එතනට ගියාම ඔයාගේ ලියකියවිලි ඔක්කොම ඉල්ලලා පරික්ෂා කරලා ඔයාගේ ෆොටෝ එකක් ගනියි තව ඇඟිලි සලකුණු , අත්සනත් ගන්නවා. අරගෙන printout එකක් දීල ඒක අත්සන් කරලා එතනින් කියන counter එකට සල්ලි ගෙවන්න 

එක්දින සේවය අනුව කරගන්නවානම් 2200 යි. නැත්නම් 1700 යි. 
මේ counter එකෙන් අර token ඒක ඉල්ලගනියි. ඊට පස්සේ B HALL එකට යන්න කියනවා ඒක තියෙන්නේ DMT එකට ඇතුල් වෙන ප්‍රධාන ගේට්ටුවේ ළඟමයි . එතනට ගිහින් පය දෙකක් විතර් ඉඳගෙන ඉන්නකොට නම කතා කරයි. එතකොට සල්ලි ගෙවපු රිසිට් ඒක දීල රියදුරු බලපත්‍රය ගන්න .

ATM/DEBIT CARD

මේකනම් පර්ස් ඒක නැති උන ගමන්ම card center එකට කතා කරලා කැන්සල් කරගන්න. නැත්නම් ඉවරයි.

මේක හදාගන්නත් ජාතික හැඳුනුම්පත ඕනි. බැංකුවට ගිහින් අදාළ අයදුම්පත්‍රය පුරවල දෙන ඒක විතරයි තියෙන්නේ. සමහර බැංකු නම් ගානක් ය කරනවා. කොමර්ෂල් බැංකුව මගෙන් 400ක් ගත්ත,

බැංකුව අනුව කාඩ් ඒක එන්න සති 2ක් 3ක් යයි . ඊට පස්සේ බැංකු ශාකාවට ගිහින් කාඩ් ඒක ගන්න එකයි ඇත්තේ

Thursday, January 14, 2016

නිවන් සැප ලැබේවා !

මේ කියන්න යන කතාව උනේ කිඹුලා උසස් පෙළ කරන කාලේ. කරන කාලේ කිව්වට ඉතින් කරන්න ඔන්න මෙන්න තියල ක්ලාස් එකේ අන්තිම දවසේ. සිද්දියට සම්භන්ධ එකා තමයි අක්මාල් . අක්මාල් ව අපිට සෙට් උනේ මිනිහ උසස්පෙළ කරන්න කියල හිතාගෙන සාමාන්‍ය පෙලින් පස්සේ අපේ ඉස්කෝලෙට ඇවිල්ල අපෙ පන්තියටම සෙට් උනාට පස්සේ තමයි. 

මිනිහට ඔය අක්මාල් කියන නම දැම්මේ එතකොට අපේ පන්තියට ඉස්කෝලේ ගිණුම්කරණය උගන්නපු වසන්ත සර් . හේතුව තමයි සර් ට මිනිහව පේන්නෙම අර කම්රාන් අක්මාල් කියන ක්‍රිකට් ක්‍රීඩකයා වගේ වීම . කොහොමහරි මනුස්සයාගේ ඇත්ත නමත් මිට ඉතාමත් සමාන නමක් උන නිසා ඔය නම මුට රෙජිස්ටර් උනා නිකන්ම.

වර්තමාන තත්වය ගැන කියනවනම් මනුස්සය දැනට කිඹුලත් එක්කම එකම විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නවා. ඉන්නෙත් එකම බෝඩිමේ . මුගේ කැම්පස් කාඩ් එකනම් කියන්න බෑ මොකද මටත් ආයේ කැම්පස් පැත්තේ යන්න ඕනි නිසා .

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොම ගුණයහපත් තැන්පත් කෙනෙක් වෙච්ච මේ අක්මාල් කොලුවා ටිකක් විතර කොට ජීවිතයක් ඉතින්. ඉගෙනගන්න වැඩ වලටත් සැහෙන්න දක්ෂයෙක් වගේම විශේෂයෙන්ම මිනිහට හොඳ කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කිව්වේ ඔය වල් පල් එහෙම නෙවෙයි පිරිසක් ඉස්සරහට ගිහින් බය නැතුව කතා කරන්න පුළුවන් මනුස්සයට. ඒක නිසා කතා පවත්වන්න එහෙම සෙට් උනාම බොහොම කැමැත්තෙන් තමයි වැඩේට එන්ටර් වෙන්නේ. මේ කියන්න යන කතාව උනෙත් මුගේ මේ හැකියාවයි කැමැත්තයි නිසා තමයි .

වාණිජ අංශයෙන් උසස්පෙළ කරපු කිඹුලා යි අපේ අක්මාල් කොලුවයි දෙන්නම ගිණුම්කරණයට ක්ලාස් ගියේ ඒ දවස්වල (තවමත්) මහනුවර දිස්ත්‍රික්කයේ ඉහලම ප්‍රතිපල හැම අවුරුද්දකම ගන්න සමත් උන පාලිත යාපා බණ්ඩාර සර්ගේ  . සර් පන්ති කරේ මහනුවර ආනන්ද විද්‍යාලය කියන ශාලාවේ . මේ සිද්දිය උනේ ක්ලාස් ඉවර කරන දවසේ . එදා සර්ගේ කණ්ඩායම් පන්තියේ අය සහ ශාලා පන්තියේ අය ඔක්කොම එකතු කරලා තමයි අන්තිම පන්තිය කරේ . එදා විභාගය ඉලක්ක කරලා සකස් කරපු විශේෂ ප්‍රශ්න පත්තරේකුත් පන්තිය අවසානයේ දී බෙදල දෙනවා කියපු නිසා වෙනදට වල බහින උනුයි වැස්සකටවත් පන්තියට එන්නේ නැති එවුනුයි ඔක්කොම පන්තියට ඇවිල්ල සෑහෙන සෙනගක් හිටිය . 1000ක් වත් ඉන්න ඇති අඩුම ගානේ. 

ඉඳගන්න ඉඩ නැතුව බොහොම අමාරුවෙන් බංකු වල එල්ලිලා තමයි දවසම පන්තිය කරේ .ඔන්න පන්තිය ඉවර වෙන්න දැන් ලඟයි . සර් ළමයින්ට කතා කරලා දැන් ඔන්න එක අය කතා පවත්වන්න එහෙම ගත්ත. ගෑනු ළමයෙක් මුලින්ම කතාවක් කරා . තව කොල්ලෙක් සිංදුවකුත් කිව්වා . තවත් කතාවක් . ඔන්න ඊට පස්සේ තමයි මේ ඓතිහාසික මොහොත උදා උනේ. අපේ අක්මාල් කොලුවත් පැනගෙන ගියා ............කතාවක් කරන්න,

ඔන්න ඉතින් මනුස්සය බොහොම සාරගර්භ විදිහේ කතාවක් කරනවා. ටිකෙන් ටික ඒ කතාව හැඟීම්බර වෙනවා . මෙන්න ඒක අහගෙන ඉන්න ගමන් ගෑනු ළමයි අඬන්නත් ඔන්න මෙන්න දැන්. ඇයි ඉතින් අවුරුදු දෙක හමාරක් විතර පන්ති ඇවිත් අද අන්තිම දවසනේ . සර් ටත් අප්සට් ගහල වගේ ටිකක් . පැහැදිලිව පෙන්න තිබුන සමහර ගෑනු ලමයින්ගේනම් කඳුළු වැටෙන්න ඔන්න මෙන්න . ඔන්න දැන් අපේ අක්මාල් කොලුවා කතාව ඉවර කරන්නයි යන්නේ.

පන්තියේ කිසිම සද්දයක් නෑ . කට්ටිය මීයට පිම්බා වගේ නිශ්ශබ්ධයි. පන්තියේ හිටපු එකෙක්වත් හිතන්න නැතුව ඇති අපේ අක්මාල් කොලුවාගේ ජීවිතේ කුජීතම මොහොත තව සුළු මොහොතකින් උදා වෙනවා කියල. ඔන්න කතාව යනවා.

(කළු වලාකුලක් ඇවිත් ඉර මුවා කරගත්ත මේ වෙනකොට , සිතල ඒ වගේම මූසල හුළඟක් ඇවිත් කන්දක් උඩ තියෙන ආනන්ද විද්‍යාලය ශාලාවේ ඉහල මහලේ යකඩ කූරු ගහපු ජනෙල් වල පින්න එනවට එල්ලලා තිබුන රෙක්සින් ජනෙල් රෙදි පට පට ගාල වැදෙන්න පටන්ගත්ත )

"අපිට අවුරුදු දෙක හමාරක් උගන්නල අපිට ඉහලම ප්‍රතිපල ලබාගන්න උදව් කරන අපේ පාලිත සර්ට මම බෙහෙවින් ස්තුති වන්ත වෙනවා "

ඒ ගමන්ම මම ප්‍රාර්ථනා කරනවා අපේ පාලිත සර්ට  නිවන් සැප ලැබේවා .................කියල මූ කතාව ඉවර කරා කියපන්කො 

තප්පර දෙක තුනක් කට්ටියම වෙච්ච දේ හිතාගන්න බැරුව ගල් ගැහිලා වගේ හිටියා .ඔන්න ඊට පස්සේ අර අඩන්න ඔන්න මෙන්න හිටපු උන් සෙට් එකයි අනිත් සෙට් එකයි හිනා වෙන්න පටන්ගත්ත ඉවරයක් නැතිව ඔන්න තව තප්පර දහයකට විතර පස්සේ තමයි අක්මාල් කොලුවට සිද්දිය තේරුනේ. සර් හිනාවෙනවා ඒ අස්සේ ඔක්කොටම වඩා පස්සහ පේලි  වල කොල්ලෝ නැගිටලා උඩ පැන පැන හිනාවෙනවා . ඒක විකාරයි පන්තිය ඇතුලේ. විනාඩි දහයක් විතර හිනාවෙලා බඩවල් රිදෙන්න ගත්තම තමයි ඔන්න කට්ටිය හිනාව ටිකක් අඩු කර ගත්තේ. 

පස්සේ ඉතින් සර් මැදිහත් වෙලා ඔහොම තමයි කාට උනත් වැරදීම් වෙනවා කියල අරූව පොඩ්ඩක් ශේප් කරේ.

මේ ලඟදි දවසක අක්මාල් කොලුවව මුණගැහිලා මම ඇහුව ඇයි බන් උඹ අර වගේ කතාවක් කිව්වේ කියල. 
"කලින් දවසෙ මළගෙදරක නිදිමරලා ඇවිත් ඒ සිහියෙන් බන් හිටියේ . නිකන්ම කියවුනා ඉතින් " කිව්වනේ  

දැනට  උනත් විශ්ව විද්‍යාලේ දී හරි වෙන ඕනි තැනක නුවර පැත්තේ අපිත් එක්ක ක්ලාස් ගියපු ගෑනු ළමයෙක් මුණගැහුනම අර අක්මාල් (මුගේ හරි නම කිව්වත් ) ඉන්නෙත් අපේ බෝඩිමේ , අපේ කැම්පස් එකේ කිව්වට එකෙක්වත් දන්නේ නෑ . අර පාලිත සර් ට  නිවන් සැප ලැබේවා කියපු එකා කියපු ගමන් ඔන්න කට්ටියම දන්නවා .

කිඹුලා පරණ ෆොටෝ ගොඩක් අවුස්සලා බොහොම අමාරුවෙන් මේ ෆොටෝ ඒක හොයාගත්තේ. 2011 දී ඉතින් අපි ළඟ කොහෙද හොඳ කැමරා . මේකත් මම ගත්ත එකක් නෙවෙයි ගෑනු ළමයෙක් ෆෝන් එකකින් ගත්ත එකක්. ඔය ඉන්නේ අපේ අක්මාල් කොලුව පාලිත සර්  ඉස්සරහ කතාව පවත්වනවා . ඔය කුජිත සිද්දිය වෙන්න මොහොතකට පෙර ගත්ත ඓතිහාසික අමරණිය ඡායාරූපයක් 


Tuesday, January 12, 2016

Legal wife 





කතාව පටන්ගන්න කලින් කිඹුලා ගැනත් පොඩ්ඩක් කියල ඉන්නම්. පලවෙනි පොස්ට් එක නේ,

කිඹුලා දැනට ඉගෙනගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ . 4 වෙනි වසර පටන්ගන්නකන් මේ ගෙදරට වෙලා බලන් ඉන්න කාලෙ . මේ කතාව වගේම තවත් කතා මේ බ්ලොග් එකේ ලියවෙයි . එත් අදාළ චරිත වලට යම් හෝ හානියක් උනොත් කියන සැකය නිසා අන්වර්ථ නාම පාවිච්චි කරලා තමයි මේ කතා ලියවෙන්නේ .

මේ බ්ලොග් එකට නිශ්චිත වර්ගයක් නෑ . වැඩිපුර එහෙන් මෙහෙන් ඇහුන කතා , වල්පල් , හිතෙන දේවල් , වෙන දේවල් විතරක් නෙවෙයි අරෙහෙන් මෙහෙන් දේශපාලනේ උනත් ලියවෙන්න පුළුවන් .

කතා ඇති මෙන්න පලවෙනි පොස්ට් ඒක .

කිඹුලට විශ්වවිද්‍යාලෙ දී මුණගැහෙන ටිකක් වෙනස් විදිහේ හැබැයි සුපිරිම  චරිතයක් තමයි මේ Access කියන්නේ . මිනිහ විතරක් නෙවෙයි මිනිහගේ අනාගත භාර්යාවත් ටිකක් අමුතුයි කියල කතා වටින් පිටින් ඇහෙනවා . හැබැයි ඉතින් පොරනම් සුපිරි මීටරයක් .


Access කිඹුලා ට සෙට් උනේ මිනිහත් කිඹුලා වගේම කළමනාකරණ පීඨයේ මූල්‍ය දෙපාර්තමේන්තුවට තේරුණ නිසා .මිනිහගේ අනාගත භාර්යාව ඉන්නේ ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ නිසා මිනිහගේ දින චරියාවට ත් ඕක ටිකක් බලපෑවා . ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ අයට තුන්වෙනි වසරේ ඉඳලා training යන්න පුළුවන් නිසා ලෙක්චර් තියෙන්නේ රෑට අපිටනම් එහෙම නෑ බොහෝවිට ලෙක්චර් තියෙන්නේ දවල්ට .

Access ගෙ දින චරියාව ගැන කියනවනම් මනුස්සය අපි වගේම උදේ ලෙක්චර් ආවට හවස බෝඩිමට යන්නේ නෑ . 8.30 වෙනකම් අනිවාර්යෙන් කැම්පස් එකේ ඉන්නම වෙනවා මනුස්සයට  මැඩම් ව බෝඩිමට ගිහින් දාන්න . මනුස්සය අනාගත භාර්යාව ට කියන්නේ මැඩම් කියල නෙ. මැඩම් ගෙ ක්‍රියාකලාපයත් මේ නමටම ගැලපෙනවා කියල තමයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙන්නේ . ලේසි නෑ කරාටි කළු පටි ධාරිනියක් ලු. 

මැඩම් ගැන කියනවනම් මැඩම් ගේ ගම පළාත තියෙන දිස්ත්‍රික්කයත් අපේ Access ගෙ පලාතෙමයි . බදුල්ලේ . හැබැයි ඒක දිස්ත්‍රික්කේ ඇතුලේ උනාට මැඩම් මහියංගනේ පැත්තේ Access බදුල්ල පැත්තේ .

ඔන්න දවසක් Access  ට මැඩම් ගෙන් කෝල් එකක් එනවලු ගෙදර ඉඳන් තනියෙන් එන්න බෑ ඇවිල්ල එක්කරන් යන්න කියල මොනවා කොරන්නද අපේ Access බුවත් තියෙන වැඩ ඔක්කොම දාල කොළඹ ඉඳන් මහියංගනේ ට ගිහින් මැඩම් වත් එක්කගෙන එදා රෑ ම ආපහු කොළඹ ආවලු. ඔන්න ඔහොමයි විස්තරේ .

මේ කියන කතාව උනේ දෙවැනි  වසරේ මුල කාලයේ කියල තමයි කිඹුලට මතක. ඔන්න අපිට තිබුන ඒක විෂයකට Group Assignment එකක් කරන්න. Access  හිටියෙනම් කිඹුලාගේ කණ්ඩායමේ නෙවෙයි වෙන කණ්ඩායමක . Access තමයි කණ්ඩායමේ නායකයා . ඒ නිසා කණ්ඩායමේ හිටිය අනිත් හැමෝම සාමාන්‍ය විදිහට ඉතින් හැම දෙකටම මිනිහට කෝල් කරන්න SMS කරන්න එහෙම හුරුවෙලා තමයි ඉඳල තියෙන්නේ.

මේ සිද්දිය වෙච්ච දවසේ ඔන්න  Access මැඩම් එක්ක ගෙදර යන ගමන් ලු . රෑ 10 ට විතර බස් එකේ යන වෙලාවේ ඔන්න  Access ගෙ ෆෝන් එකට එනවලු මැසේජ් එකක් කණ්ඩායමේ ගෑනු ළමයෙක්ගෙන් , එකක් නෙවෙයි දෙක තුනක්ම ආවලු. වෙන මොකටවත් නෙවෙයි අර Assignment  එකේම වැඩකට . ආ කියන්න අමතක උනානේ මේ ෆෝන් එක Access ගෙ උනාට ඕකට කතා කරාම ගොඩක් වෙලාවට මැඩම් තමයි කතා කරන්නේ. එදත් ෆෝන් එක මැඩම් අතේ තමයි තිබිල තියෙන්නේ.

ඔන්න අර ගෑනු ළමයට එනවලු Reply එකක් Access ගෙ නම්බර් එකෙන්ම

" Access ට මැසේජ් කරන එක නවත්තන්න . මම Legal Wife "

කියල.

ඕක කොහොම කොහොමහරි අර ගෑනු ළමය කණ්ඩායමේ අනිත් අයට කියල කැම්පස් එකේ බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ද රහසක් උනා.

පස්සේ දවසක වෙන වැඩකට යන ගමන් මම Access ගෙන් ඇහුව ඇත්තද ඔයි අර කතාව කියල.

මූ කියපි , " ඔව් බන් බලපන්කො මේ ගෑනු දෙන්න එක හොස්ටල් එකේ ඒක ලඟ කාමර දෙකක ඉන්නේ එත් තාම මූනවත් බලන්නේ නෑ ලු නේ බන් " කියල. එතකොට සිද්දිය වෙලා අවුරුද්දක් විතර ඇති.