කාලෙකින් මුකුත් ලියන්නත් බැරි උනා එක එක වැඩ නිසා . අද නිවාඩුවකුත් ලැබුන නිසා හිතුව ලියන්න.
අද ලියන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන. Setbeat. මේ ගැන දන්නා අයත් ඇති නොදන්නා අයත් ඕනි තරම් ඇති. මේක ලියන්නේ නොදන්නා අයට ඈ. මේක Android
App එකක් Android
කිව්වට ඉතින් ios වලටත් තියෙනවා. හැබැයි ඉතින් මේක google
Play වලට ගිහින් ලේසියෙන් අනිත් app වගේ download
කරගන්නනම් බෑ. කොහොමද එහෙනම් install කරගන්නේ , ඒ
ගැනත් ඉස්සරහට කියන්නම්.
මොකද්ද මේකේ විශේෂත්වය,
කෝල් එකක් ගන්න මැසේජ් එකක් යවන්න විතරක් අපි ළඟ
තිබුන ජංගම දුරකථනය පාවිච්චි කරලා සින්දු
අහන්නත් පටන් ගත්තේ smart phone එන්නත් ගොඩක් කලින් ඉඳල. Sony Walkman series
ෆෝන් එහෙම කට්ටියට මතක ඇතිනේ... එදා ඉඳල භාවිතා
වෙච්ච ක්රමය උනේ පරිඝනකයක් හෝ වෙනත් ජංගම දුරකතනයක් මාර්ගයෙන් තමන්ගේ ජංගම
දුරකතනයේ local storage (internal memory හෝ
SD card) එකට ගීත ඇතුලත් කරලා, එහෙමත් නැත්නම්
අන්තර්ජාලයෙන් බාගත කරගෙන මෙම ගීත අහන එක.
එත් කාලයත් එක්ක අන්තර්ජාල සම්භන්ධතා වල වේගය හා
දත්ත ප්රමාණය වැඩි වීමත් එක්ක ලංකාවේ අපි අතරත් YouTube වැනි
video streaming සේවාවන් ජනප්රිය වෙන්න ගත්ත. සින්දු අහන
කෙනෙක්ටනම් දැන් YouTube අමතක කරන්නම බෑ නේ. video streaming වලට අමතරව සින්දු අහන අය වෙනුවෙන්ම හදපු දෙයක්
තමයි Audio music streaming සේවාවන් . Spotify, Apple music, Sound
Cloud, Deezer, Pandora කියන්නේ මේ වගේ ජනප්රිය වෙච්ච සේවාවන් කිහිපයක්.
සින්දු හොයා හොයා කරදර වෙන්න ඕනි නෑ, සින්දුවක ගුණාත්මක භාවය ගැන කරදර වෙන්න ඕනි
නෑ . හොඳම ගුණාත්මක බවක් තියෙන සින්දු මිලියන ගානක එකතුවක් මේ සේවාවන් වල තියෙනවා .
එත් පොඩි ප්රශ්නයක් තියෙනවා , මේ එක සේවාවක් වත්
නිකන් දෙන ඒවානම් නෙවෙයි. නිකන් දුන්නත් යම් සිමාවන් වලට යටත් වෙලා තමයි දෙන්නේ.
උදාහරණයක් විදිහට Spotify වල නොමිලේ දෙන සේවාවේදී යම් ගායකයෙක්ගේ කැමති
සින්දුවක් තෝරලා අහන්න බෑ . එම ගායකයාගේ සින්දු random විදිහට
අහන්න විතරයි පුළුවන්. මේ සේවාවන් වලට අය කරන ගානත් ලේසි පහසු නැහැ. විශේෂයෙන් අපි
වගේ රටක ඉන්න අයට. තව එකක් , දැනට ලෝකේ ජනප්රියම මේ වර්ගයේ සේවාව වන Spotify ලංකාවට සේවා සපයන්නෙත් නෑ.
ඔන්න ඔය ප්රශ්න වලට උත්තරයක් තමයි Setbeat කියන්නේ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන
සේවාවක් , Spotify හි තියෙන හැම පහසුකමක්ම වගේ මේකෙත් තියෙනවා .
හරියටම ඇත්ත නැත්ත දන්නේ නැති උනාට ආරංචි විදිහටනම් මේක Spotify හැක් කරලා හදපු app එකක්. ඒ නිසා Spotify වගේම හොඳ සින්දු එකතුවක් තියෙනවා , පරණ ඒවා උනත්
හොයාගන්න පුළුවන් උනා මටනම්. මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි playlist හදල තමන්ට අහන්න ඕනි සින්දු එම playlist වලට add කරගන්න පුළුවන් එක. මේ playlist synchronize කරගත්තම
අන්තර්ජාලය නැති වෙලාවක උනත් අපිට නැවත අහන්න පුළුවන් විදිහට අපේ ජංගම දුරකතනයට save
වෙනවා .
කොහොමද දැන් මේක install කරගන්නේ , මේ පහල තියෙන ක්රමයට මෙම app එකේ apk
file එක ජංගම දුරකතනයට බාගත කරගත්තම ලේසියෙන්ම install
කරගන්න පුළුවන් .
1. Settings
වලට යන්න
2. Security වලට යන්න
3. Unknown Sources කියන ඔප්ෂන් එක හොයාගන්න
4. unknown sources ඔන් වෙලා නැත්නම් ඔන් කරගන්න
5. පහත ලින්ක් එකෙන් Setbeat බාගත කරගන්න
2. Security වලට යන්න
3. Unknown Sources කියන ඔප්ෂන් එක හොයාගන්න
4. unknown sources ඔන් වෙලා නැත්නම් ඔන් කරගන්න
5. පහත ලින්ක් එකෙන් Setbeat බාගත කරගන්න
6. ෆෝන්
එකේ downloads වලින් Setbeat apk එක හොයාගෙන ,
7. Install කරගන්න
වැඩි
පහසුවට YouTube එකෙන් මම හොයාගත්ත මේක install කරන විදිහ දැක්වෙන වීඩියෝ එකකුත් පහත තියෙනවා.
https://www.youtube.com/watch?v=SbnkNSMlHaI
https://www.youtube.com/watch?v=SbnkNSMlHaI
මේ Android වලට.
ios වලටත් මේක තියෙනවා. මේ පහත ලින්ක් එකෙන් ගිහින් install
කරගන්න පුළුවන් හැබැයි මම ios පාවිච්චි කරලා නැති නිසා ඒ ගැන නම් වැඩිය දන්නේ
නැහැ.
http://setbeat.net/setbeat-ios-iphone-app-download/
http://setbeat.net/setbeat-ios-iphone-app-download/
ඔක්කොමත් හරි , පරණ විදිහට සින්දුවක් download
කරන අහන්න පුළුවන් එකේ අහවල් එකකටද මෙච්චර
දඟලන්නේ කියල හිතෙන්න පුළුවන්. උත්තරේ තමයි ටික දවසක් පාවිච්චි කරලා බලන්න , එතකොට
වෙනස තේරෙයි.
අවාසියකට තියෙන්නේ ඉතින් එක සිංදුවකට 10 MB වගේ
data ප්රමාණයක් යනවා, තව සිංහල , හින්දි සින්දු නම් මුකුත්ම නෑ .......... අපි
ගියා එහෙනම්
ඇති යන්තම් අවුරුද්දකට පස්සෙ කොටුව ඇරලා..
ReplyDeleteසර්විස් එක හොඳයි වගේ.. ඒත් මට මේක පාවිච්චි කරන්න සිංහල සිංදු ටිකක් එනකල් ඉන්න වෙනවා..
ඔය ගැම්මෙන්ම ආපහු ලියමු..
ඕකටනම් සිංහල සින්දු එන එකක් නෑ. නරකද තියෙන එකක් අහන්න ගත්තනම්
Delete