Tuesday, January 12, 2016

Legal wife 





කතාව පටන්ගන්න කලින් කිඹුලා ගැනත් පොඩ්ඩක් කියල ඉන්නම්. පලවෙනි පොස්ට් එක නේ,

කිඹුලා දැනට ඉගෙනගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ . 4 වෙනි වසර පටන්ගන්නකන් මේ ගෙදරට වෙලා බලන් ඉන්න කාලෙ . මේ කතාව වගේම තවත් කතා මේ බ්ලොග් එකේ ලියවෙයි . එත් අදාළ චරිත වලට යම් හෝ හානියක් උනොත් කියන සැකය නිසා අන්වර්ථ නාම පාවිච්චි කරලා තමයි මේ කතා ලියවෙන්නේ .

මේ බ්ලොග් එකට නිශ්චිත වර්ගයක් නෑ . වැඩිපුර එහෙන් මෙහෙන් ඇහුන කතා , වල්පල් , හිතෙන දේවල් , වෙන දේවල් විතරක් නෙවෙයි අරෙහෙන් මෙහෙන් දේශපාලනේ උනත් ලියවෙන්න පුළුවන් .

කතා ඇති මෙන්න පලවෙනි පොස්ට් ඒක .

කිඹුලට විශ්වවිද්‍යාලෙ දී මුණගැහෙන ටිකක් වෙනස් විදිහේ හැබැයි සුපිරිම  චරිතයක් තමයි මේ Access කියන්නේ . මිනිහ විතරක් නෙවෙයි මිනිහගේ අනාගත භාර්යාවත් ටිකක් අමුතුයි කියල කතා වටින් පිටින් ඇහෙනවා . හැබැයි ඉතින් පොරනම් සුපිරි මීටරයක් .


Access කිඹුලා ට සෙට් උනේ මිනිහත් කිඹුලා වගේම කළමනාකරණ පීඨයේ මූල්‍ය දෙපාර්තමේන්තුවට තේරුණ නිසා .මිනිහගේ අනාගත භාර්යාව ඉන්නේ ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ නිසා මිනිහගේ දින චරියාවට ත් ඕක ටිකක් බලපෑවා . ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ අයට තුන්වෙනි වසරේ ඉඳලා training යන්න පුළුවන් නිසා ලෙක්චර් තියෙන්නේ රෑට අපිටනම් එහෙම නෑ බොහෝවිට ලෙක්චර් තියෙන්නේ දවල්ට .

Access ගෙ දින චරියාව ගැන කියනවනම් මනුස්සය අපි වගේම උදේ ලෙක්චර් ආවට හවස බෝඩිමට යන්නේ නෑ . 8.30 වෙනකම් අනිවාර්යෙන් කැම්පස් එකේ ඉන්නම වෙනවා මනුස්සයට  මැඩම් ව බෝඩිමට ගිහින් දාන්න . මනුස්සය අනාගත භාර්යාව ට කියන්නේ මැඩම් කියල නෙ. මැඩම් ගෙ ක්‍රියාකලාපයත් මේ නමටම ගැලපෙනවා කියල තමයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙන්නේ . ලේසි නෑ කරාටි කළු පටි ධාරිනියක් ලු. 

මැඩම් ගැන කියනවනම් මැඩම් ගේ ගම පළාත තියෙන දිස්ත්‍රික්කයත් අපේ Access ගෙ පලාතෙමයි . බදුල්ලේ . හැබැයි ඒක දිස්ත්‍රික්කේ ඇතුලේ උනාට මැඩම් මහියංගනේ පැත්තේ Access බදුල්ල පැත්තේ .

ඔන්න දවසක් Access  ට මැඩම් ගෙන් කෝල් එකක් එනවලු ගෙදර ඉඳන් තනියෙන් එන්න බෑ ඇවිල්ල එක්කරන් යන්න කියල මොනවා කොරන්නද අපේ Access බුවත් තියෙන වැඩ ඔක්කොම දාල කොළඹ ඉඳන් මහියංගනේ ට ගිහින් මැඩම් වත් එක්කගෙන එදා රෑ ම ආපහු කොළඹ ආවලු. ඔන්න ඔහොමයි විස්තරේ .

මේ කියන කතාව උනේ දෙවැනි  වසරේ මුල කාලයේ කියල තමයි කිඹුලට මතක. ඔන්න අපිට තිබුන ඒක විෂයකට Group Assignment එකක් කරන්න. Access  හිටියෙනම් කිඹුලාගේ කණ්ඩායමේ නෙවෙයි වෙන කණ්ඩායමක . Access තමයි කණ්ඩායමේ නායකයා . ඒ නිසා කණ්ඩායමේ හිටිය අනිත් හැමෝම සාමාන්‍ය විදිහට ඉතින් හැම දෙකටම මිනිහට කෝල් කරන්න SMS කරන්න එහෙම හුරුවෙලා තමයි ඉඳල තියෙන්නේ.

මේ සිද්දිය වෙච්ච දවසේ ඔන්න  Access මැඩම් එක්ක ගෙදර යන ගමන් ලු . රෑ 10 ට විතර බස් එකේ යන වෙලාවේ ඔන්න  Access ගෙ ෆෝන් එකට එනවලු මැසේජ් එකක් කණ්ඩායමේ ගෑනු ළමයෙක්ගෙන් , එකක් නෙවෙයි දෙක තුනක්ම ආවලු. වෙන මොකටවත් නෙවෙයි අර Assignment  එකේම වැඩකට . ආ කියන්න අමතක උනානේ මේ ෆෝන් එක Access ගෙ උනාට ඕකට කතා කරාම ගොඩක් වෙලාවට මැඩම් තමයි කතා කරන්නේ. එදත් ෆෝන් එක මැඩම් අතේ තමයි තිබිල තියෙන්නේ.

ඔන්න අර ගෑනු ළමයට එනවලු Reply එකක් Access ගෙ නම්බර් එකෙන්ම

" Access ට මැසේජ් කරන එක නවත්තන්න . මම Legal Wife "

කියල.

ඕක කොහොම කොහොමහරි අර ගෑනු ළමය කණ්ඩායමේ අනිත් අයට කියල කැම්පස් එකේ බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ද රහසක් උනා.

පස්සේ දවසක වෙන වැඩකට යන ගමන් මම Access ගෙන් ඇහුව ඇත්තද ඔයි අර කතාව කියල.

මූ කියපි , " ඔව් බන් බලපන්කො මේ ගෑනු දෙන්න එක හොස්ටල් එකේ ඒක ලඟ කාමර දෙකක ඉන්නේ එත් තාම මූනවත් බලන්නේ නෑ ලු නේ බන් " කියල. එතකොට සිද්දිය වෙලා අවුරුද්දක් විතර ඇති.

4 comments:

  1. වැඩේ හොඳයි අදහසුත් නියමයි අකුරුත් ගැලපෙනවා.. දිගටම කරගෙන යමු! ඔන්න පලවෙනි කමෙන්ට් එක අඟහරු ලෝකෙන්!
    ජය වේවා කිව්වා එහෙනම්!!

    ReplyDelete