මම කැම්පස් ආපු දවසේ ඉඳන් තාම ඉන්නේ එකම බෝඩිමේ තමයි. මේක අපේ room එකට අලුතෙන් ආපු එකෙක් දුන්න ආතල් එකක් . ආතල් කිව්වට මතක් වෙනකොටත් යකා නගිනවා .
අපේ තියෙන්නේ තට්ටු ඇඳන් දෙකක් . මම එකක යට තට්ටුවේ ඉන්නේ. උඩ ඇඳේ හිටපු එකා බෝඩිමෙන් අයින් වෙලා ගියා . ඉතුරු තුන් දෙනාම බොන උන් නෙවෙයි , අපි ඉතින් පාඩුවේ ඉන්න චරිත .
මේකේ කාමර 14ක් තියෙනවා අපි උඩ තට්ටුවේ ඉන්නේ. දවසක් යට තට්ටුවේ එකෙක් අඳුරන එකෙක් කියල එකෙක්ව එක්කන් ආව බෝඩිමට ඉතුරු වෙලා තිබුන එකම ඇඳ මගේ ඇඳේ උඩ තට්ටුව උට දුන්න . ඩයල් එක QS කරන චරිතයක් . ටිකක් ( ටිකක් නෙවෙයි සැහෙන්න ) මහත චරිතයක් . මු ඇවිල්ල මාසයක් වගේ ගියා , මුගේ කතා වලින් තේරුණා විදිහටනම් මු අමු බෙබා. එත් බිල ඇවිත් අපිට වාතයක් උනේ නැති නිසා ඔහේ ඉන්න ඇරිය වෙන වෙන අංශ වලින් අපිට වාතයක් උනත් . වෙන වෙන අංශ කිව්වේ මූට සෙරෙප්පු දෙකක් නෑ හැමදාම දාන්නේ අපි කාගෙහරි සෙරෙප්පු දෙකක් . අපේ එකෙක් වැඩට යන්න ඇඳුම් ලෑස්ති කරලා පොඩ්ඩක් එලියට ගියොත් මූ මේස් දෙක දාගෙන යනවා. ඒ වගේ චරිතයක් .
හැබැයි මුගේ සාමකාමී ගතිය වැඩි දවසක් තිබුනේ නෑ . දවසක් මු පහල තට්ටුවේ මුගේ සෙට් එකත් එක්ක බොන්න සෙට් වෙලා . අපිට ගානක් නෑ. අපි පුරුදු විදිහට කාල ලයිට් එකත් ඔෆ් කරලා 11 ට වගේ නිදාගන්න හැදුව විතරයි මෙන්න පහල තට්ටුවේ ඩයල් එකක් මුව අමාරුවෙන් කාමරේට අරන් ආව. ලයිට් ඔෆ් කරලා නිසා අනිත් එකාව දැක්කේ නෑ මාත් නිදි වගේ හිටිය . පස්සේ අරන් ආපු එකාම මුව ඇඳට නග්ගල යන්න ගියා . පට්ට ගඳයි කාමරේම මූ කෑගහනවා වෙරි පිට. ටිකකින් මූ ඇඳෙන් බැහැල එලියට ගියා මම හිතන්නේ පම්ප් එකක් දාන්න . අපි ඉන්න කාමරේ තියෙන තට්ටුවේ කාමර 4යි අනිත් කෙලවරේ තමයි ටොයිලට් බාත්රූම් තිබුනේ . මූ ඒ පැත්තට යන්නේ නැතුව අනිත් පැත්තට ගිහින් පඩිපෙළ ළඟ තිබුන කුණු බාස්කට් එකට පම්ප් එකක් දාල . එක දැක්කේ උදේ . කුණු බාස්කට් එක වහල තිබුනේ ඒ නිසා හැම තැනම .
මු ආපහු කාමරේට ආවට පස්සේ තමයි සින් එක පටන්ගත්තේ. උඩ ඇඳන් වල ඉන්න උන් පහලට වැටෙනවට ඇඳ අයින දිගේ ලී පටියක් ගහල තියෙනවා. අපි ඔකේ රෙදි දානවා සාමන්යෙන්. මුගෙයි මගෙයි දෙන්නගෙම රෙදි තිබුන . මූ පටිය අල්ලන් එකට බරවෙලා උඩට නගින්න හදනවා එත් මුගේ බරත් එක්ක බැ. එක පාරටම ජරාස් ගාල සද්දයක් ආව බලද්දී මු අර පටිය කඩන රෙදි ටිකත් එක්ක කාමරේ බිම වැටිලා. මේ වෙනකොටත් ලයිට් දාල නෑ. මම ටක් ගාල මගේ රෙදි ටික ගත්ත . මූ කියනවා මේක කැඩුන මල්ලි උඹ නිදාගනින් මට අවුලක් නැ කියල. මම නිදාගන්න හැදුව හැදුව එත් ගඳයි මුගේ සද්දෙය් එක්ක නින්ද යන්නේ නැ . මූ කගහනවා කෙල ගහනවා එක විකාරයි. පැයක් විතර ගියාට පස්සේ මම නැගිටලා ලයිට් දාල බැලුව. එතකොට අනිත් ඇඳේ යටහිටිය එකත් ඇහැරුනා . බලද්දී මූ මුගේම රෙදි ගොඩ උඩ කබරයා දාගෙන කාමරේ බිම නිදි .
ඒ කාමරේ ආයේ ඉන්න බැරි නිසා අපි දෙන්න එහා කාමරේ ට ගිහින් නිදාගත්තා.
උදේ ඇහැරලා දැන් අපි අනිත් කාමරේ උන් එක්ක කතා කරනවා ඒ කාමරේ එකෙක් ටිකකින් බලල ඇවිත් කිව්වා අඩෝ අරූ කාමරේ නැනේ කියල. පස්සේ අනිත් එකා ගිය මොකද වෙලා තියෙන්නේ බලන්න. බලනකොට මූ බාත්රූම් එකේ නිදි .
මට ක්ලාස් යන්නත් තිබුන නිසා මම අමාරුවෙන් නහය වහන් කාමරේ ට ගිහින් ලෑස්ති වෙලා ක්ලාස් ගිහින් එහෙමම ගෙදර ගියා සෙනසුරාදා නිසා. ඒ ගමන්ම අන්කල් කාරයට කිව්වා අරුව තියාගන්න බැ කියල. අන්කල් කාරය ඇවිත් අරූව යවල .කාමරේත් හෝදලා දාල.
පස්සේ තමයි දන්නේ මු එදා ගල් බෝතල් එක හමාරකට වඩා අමුවෙන්ම බිව්වලු. මූ හෙන UNP කාරයෙක්. පහල මහින්ද වාදියෙක් එක්ක වලියක් දාගෙන උටත් ගහල ඇවිත් තියෙන්නේ. මුට කැම්පස් යන කාලේ ඉඳන්ම කියන්නෙත් ගල් චාමර කියලලු මොකද ඒ කාලේ ඉඳන්ම මූ ගේ ප්‍රියතම පානය ගල් ලු. එදා ඉඳන් (දැන් මාස 4ක වගේ ඉඳන් ) උඩ ඇඳ තාම හිස්
මූ කබරයා දාපු තැන බිම තාමත් සිමෙන්ති පොලව පිච්චුනා පාරක් තියෙනවා ගල් වල සැරටම
Wednesday, August 31, 2016
Friday, March 4, 2016
පර්ස් එක නැති උනාද ?
අතරමගදී , බස් එකකදී කවුරුහරි ගැට කපන පින්වතෙකුට පූජා කරලා හරි , අහක යන කෙල්ලෙක්ට පැණි හලන්න ගිහින් අමතක වෙලා හරි තියෙන වටිනා ලියකියවිලි ටිකත් එක්ක පර්ස් එක නැති උනාද ?
නැත්නම් නැතිකරගන්න බලාපොරොත්තු වෙනවද ? එහෙනම් මෙන්න මං තුමා ලද First Hand Experience අනුව ඔබට ලබාදෙන උපදෙස් මාලාව.
මේක ලියන්න හිතුවේ නැතිඋන ජාතික හැඳුනුම් පතක් , රියදුරු බලපත්‍රයක් අලුතෙන් හදාගන්න එක ගැන 1919 අංකයෙන් පවා ලබාදෙන තොරතුරු වැරදි සහ අඩුපාඩු සහිත නිසයි.
මෙන්න වැදගත්ම එක.
ජාතික හැඳුනුම්පත
ජාතික හැඳුනුම්පත නැති උනානම් මුලින්ම කරන්න ඕනේ තමන් පදිංචි (ස්ථිර පදිංචිය) ප්‍රදේශය අයත් ග්‍රාමසේවක මහතා හමුවෙන එක. ගිහින් කතාව කියන්න. එතකොට අවශ්‍ය දේවල් ටික කියයි.
මෙතැනදී මම කියන්න යන්නේ පොලිසියේ කරන පැමිණිල්ල ගැන. මේ පැමිණිල්ල කරන්න ඕනි ඔබගේ ස්ථිර පදිංචිය අදාළ වන පොලිස් ස්ථානයේ .කොළඹ කොටුවේ දී නැති උනේ කියල කොටුවේ පොලිසියට පැමිණිලි කරලා වැඩක් නෑ.තාවකාලිකව (බෝඩිමක් වගේ) ඉන්නවනම් ඒ අදාළ පොලිසියට පැමිණිලි කරලත් වැඩක් නෑ .
අනික මේ පැමිණිල්ල නිකන්ම ලියල දෙන්නේ නෑ . ග්‍රාමසේවක මහතාගෙන් පදිංචිය සහතික කරලා හැඳුනුම්පත නැතිවීම සම්බන්ධව පැමිණිල්ල බාරගන්න කියල ඉල්ලීමක් කරපු ලියුමක් අනිවාර්යෙන් අරන් යන්න ඕනි.(ඒක තමයි මුලින්ම ග්‍රාමසේවක මුණගැහෙන්න කිව්වේ. ග්‍රාමසේවක ටක් ගාල මේ ලියුම ලියල දෙනවා)
පොලිසියට ගියාම ,
1. මතක් කරලා තමන් අතින් නැතිඋන නිසා නැවත හදාගන්න ඕනි හැම දෙකටම වෙනම පැමිණිලි පිටපතක් ලියවාගන්න .(එකක ඔක්කොම ලියල ෆොටෝ කොපි ගන්නවට වඩා හැම එකටම වෙනම පැමිණිල්ලක් ලියාගන්න එකයි හොඳ ,ඒ කියන්නේ ජාතික හැඳුනුම්පත නැති උනාට එකයි, රියදුරු බලපත්‍රයට එකයි වගේ මටනම් එහෙම ලියල දුන්න.)
2. ඒක පැමිණිලි පිටපතට රු. 25ක් ගන්නවා . මාරු සල්ලි අරන් යන්න.
3. නැතිඋනා ලියකියවිලි වල අංක මතකනම් ඒවා පැමිණිල්ලට ඇතුලත් කරගන්න.
හරි පැමිණිල්ල ගෙනාවම ග්‍රාමසේවක දෙයි කොළ පාට ෆෝම් එකක් . ඒක හරියට පුරවන්න. එකේ කියල තියෙන ප්‍රමාණයෙන් ෆොටෝ 5 කුත් ගන්න.
තව බැංකු පාස් පොතේ මුල් පිටුවේ ෆොටෝ කොපියක්(මේක ගන්නේ එම ජාතික හැඳුනුම්පත් අංකය කලින් භාවිතා කල බවට සාක්ෂි විදිහට .ඒ නිසා හැඳුනුම්පත් අංකය සඳහන් බැංකු පොතක මුල් පිටුවේ පිටපතක් ගන්න. ඔය කොමර්ෂල් බැංකුවේ පොතේ එහෙම ඕක නෑ), උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් , ෆොටෝ කොපියක් , මාස තුනක් ඇතුලත ලබාගත් සේවා සහතිකයේ පිටපතක් එහෙම අරන් යන්න.
රු. 35ක සහ 15 ක මුද්දරත් ඕනි වෙනවා , දිග ලියුම් කවරයක් එක්ක (one day service දානවනම් 35 මුද්දරයි ලියුම් කවරෙයි ඕනි නෑ )
ඔය ටික ග්‍රාම සේවකට දෙන්නයි තියෙන්නේ. එයා ඔක්කොම පුරවල යවයි . මාසයක් වගේ යයි හැඳුනුම්පත එන්න.මේ සාමාන්‍ය ක්‍රමය .
one day service දානවනම් වෙනම ලියුමකුත් ලියාගෙන යන්න වෙනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ට address කරලා එක දින සේවයෙන් හැඳුනුම්පත ලබාදෙන මෙන් ඉල්ලමි කියල.
මේ ලියුමයි අනිත් ටිකයි ග්‍රාමසේවක සහතික කරලා කලින් ක්‍රමේ වගේ එයා යවන්නේ නැතුව ඔයාටම ආපහු දෙයි. ඒ ටික අරන් ඔයාට යන්න වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එතනින් ඔක්කොම සහතික කරලා ලියුම් කවරෙකට දාල අලවල එහෙම ආපහු ඔයාට දෙයි .
ඕක අරන් දැන් යන්න වෙනවා ජාවත්තේ තියෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට . මෙතන 7 ට වගේ වැඩ පටන් ගන්නවා . උදෙන්ම යන තරමට හොඳයි .
ඇතුලට ගියගමන් කාගෙන්හරි අහන්න one day service දෙන තැන. ඒ තැනට ඇතුල් වෙනකොටම එතන ඉන්න ග්‍රාමාරක්ෂක නිලධාරි කෙනෙක් ඔයාට අංකයක් දෙයි ඒ අන්කෙත් අරන් ඒ hall එකේ ඉස්සරහ ඉන්න නිලධාරියාගෙන් ඔයාගේ ලියකියවිලි ටික සහතික කරගන්න. අර කවරේ ගලවන් යන්න මෙතනට යනකොට.
ඊට පස්සේ අංකය කතාකරනකන් ඉඳගෙන ඉන්න. කතාකරම අදාළ කවුන්ටරේට ලියකියවිලි ටික දෙන්න. උප්පැන්න සහතිකේ මුල් පිටපත වෙනම දෙන්න.ඒක ඒ වෙලාවේම ආපහු දෙනවා ෆයිල් එකක අනිත් ලියකියවිලි ටිකත් දාල දෙනවා ඊට පස්සේ මුදල් දෙවන කවුන්ටරේට 1000ක් ගෙවල අර ෆයිල් ඒක බාරදෙන්න .
දැන් තමයි අමාරුම වැඩේ. පැය තුනක් විතර බලන් ඉන්න වෙනවා. සෙනග වැඩිනම් ඔයාව hall එකෙන්එලියට යවයි. එත් announcement පැහැදිලිව ඇහෙන තැනක ඉන්න.හතරවටේ රස්තියාදු ගහන්න කෙල්ලෝ පස්සේ යන්න එපා. මොකද අයදුම්පත්රයේ හරි ලියකියවිලිවල හරි අඩුපාඩු තියෙනවනම් කතා කරනවා.
හැඳුනුම්පත හදල ඉවර උනාම නම කතා කරලා(ඒක පාර නම් 20ක් වගේ කියනවා හරියට අහන ඉන්න)කවුන්ටරයක් කියනවා ඒ කවුන්ටරෙන් හැඳුනුම්පත ගන්න අත්සන් කරලා. මතක ඇතුව පෑනක් එහෙම අරන් යන්න.
රියදුරු බලපත්‍රය
මේකනම් ජාතික හැඳුනුම්පත හදනවට වඩා ලේසියි.
හැබැයි මේක හදන්නනම් ජාතික හැඳුනුම්පත ඕනි . ඒ නිසා මුලින් ඒක හදන ඉන්න.
ඊට පස්සේ යන්න වේරහැර තියෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට DMT
යනකොට මතක් කරලා ජාතික හඳුනුම්පතයි , පොලිසියේ කරපු පැමිණිල්ලේ පිටපතයි අරන් යන්න.
ඔයාට තියෙන්නේ අලුත් sim එකක් තියෙන රියදුරු බලපත්‍රයක් නම් මේ ටික විතරයි ඕනි. එත් නැති උනේ පරණ ක්‍රමයේ රියදුරු බලපත්‍රයක් නම් medical report එකක් ගන්න ඕනි. ඒක ගන්නෙත් DMT ඒක ඇතුළෙන්ම තමයි .
මේකටත් උදෙන්ම යන ඒක හොඳයි. අඩුම 8 ට වත් ඇතුලට යනකොටම ඒක එකා කියාගෙන එයි පෝලිම් නැතුව කරලා දෙන්නම් අරක මේක, අහුවෙන්න එපා.
කෙලින්ම ඇතුලට යනකොටම තියෙනවා ප්‍රවාහන වෛද්‍ය කාර්යාලය. මෙතනින් ඔයාට ඕනි මෙඩිකල් ඒක ගන්න පුළුවන්. මමනම් ගත්තේ නෑ මගේ අලුත් ක්‍රමයේ රියදුරු බලපත්‍රයක් නැති උන නිසා.
මේකත් අරන් කෙලින්ම පාර දිගේ ඉස්සරහට යනකොට වම් පැත්තේ තියෙනවා H ශාලාව. ඒක ඇතුලට යන්න. ගියාම එතන තියෙනවා counter එකක්. එතනින් ගන්න ඕනි token එකක්. ජාතික හැඳුනුම්පත නිතරම අතේ තියන් ඉන්න. හැම තැනකදීම ඉල්ලනවා .
මේ token ඒක අරන් ඉඳගෙන ඉන්න. ඒ ශාලාවේ දකුණු පැත්තේ තියෙන දොරෙන් token අංක කතා කරලා ඇතුලට ගන්නවා . ඇතුලට ගියාම ඔයාට ඉඳගෙන ඉන්න තැනක් පෙන්නයි . එතන ඉස්සරහම තියෙන පොඩි counter සෙට් එකෙන් එකකට ඔයාව කතා කරයි. එතනට ගියාම ඔයාගේ ලියකියවිලි ඔක්කොම ඉල්ලලා පරික්ෂා කරලා ඔයාගේ ෆොටෝ එකක් ගනියි තව ඇඟිලි සලකුණු , අත්සනත් ගන්නවා. අරගෙන printout එකක් දීල ඒක අත්සන් කරලා එතනින් කියන counter එකට සල්ලි ගෙවන්න
එක්දින සේවය අනුව කරගන්නවානම් 2200 යි. නැත්නම් 1700 යි.
මේ counter එකෙන් අර token ඒක ඉල්ලගනියි. ඊට පස්සේ B HALL එකට යන්න කියනවා ඒක තියෙන්නේ DMT එකට ඇතුල් වෙන ප්‍රධාන ගේට්ටුවේ ළඟමයි . එතනට ගිහින් පය දෙකක් විතර් ඉඳගෙන ඉන්නකොට නම කතා කරයි. එතකොට සල්ලි ගෙවපු රිසිට් ඒක දීල රියදුරු බලපත්‍රය ගන්න .
ATM/DEBIT CARD
මේකනම් පර්ස් ඒක නැති උන ගමන්ම card center එකට කතා කරලා කැන්සල් කරගන්න. නැත්නම් ඉවරයි.
මේක හදාගන්නත් ජාතික හැඳුනුම්පත ඕනි. බැංකුවට ගිහින් අදාළ අයදුම්පත්‍රය පුරවල දෙන ඒක විතරයි තියෙන්නේ. සමහර බැංකු නම් ගානක් ය කරනවා. කොමර්ෂල් බැංකුව මගෙන් 400ක් ගත්ත,
බැංකුව අනුව කාඩ් ඒක එන්න සති 2ක් 3ක් යයි . ඊට පස්සේ බැංකු ශාකාවට ගිහින් කාඩ් ඒක ගන්න එකයි ඇත්තේ

Thursday, January 14, 2016
නිවන් සැප ලැබේවා !
මේ කියන්න යන කතාව උනේ කිඹුලා උසස් පෙළ කරන කාලේ. කරන කාලේ කිව්වට ඉතින් කරන්න ඔන්න මෙන්න තියල ක්ලාස් එකේ අන්තිම දවසේ. සිද්දියට සම්භන්ධ එකා තමයි අක්මාල් . අක්මාල් ව අපිට සෙට් උනේ මිනිහ උසස්පෙළ කරන්න කියල හිතාගෙන සාමාන්‍ය පෙලින් පස්සේ අපේ ඉස්කෝලෙට ඇවිල්ල අපෙ පන්තියටම සෙට් උනාට පස්සේ තමයි.
මිනිහට ඔය අක්මාල් කියන නම දැම්මේ එතකොට අපේ පන්තියට ඉස්කෝලේ ගිණුම්කරණය උගන්නපු වසන්ත සර් . හේතුව තමයි සර් ට මිනිහව පේන්නෙම අර කම්රාන් අක්මාල් කියන ක්‍රිකට් ක්‍රීඩකයා වගේ වීම . කොහොමහරි මනුස්සයාගේ ඇත්ත නමත් මිට ඉතාමත් සමාන නමක් උන නිසා ඔය නම මුට රෙජිස්ටර් උනා නිකන්ම.
වර්තමාන තත්වය ගැන කියනවනම් මනුස්සය දැනට කිඹුලත් එක්කම එකම විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නවා. ඉන්නෙත් එකම බෝඩිමේ . මුගේ කැම්පස් කාඩ් එකනම් කියන්න බෑ මොකද මටත් ආයේ කැම්පස් පැත්තේ යන්න ඕනි නිසා .
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොම ගුණයහපත් තැන්පත් කෙනෙක් වෙච්ච මේ අක්මාල් කොලුවා ටිකක් විතර කොට ජීවිතයක් ඉතින්. ඉගෙනගන්න වැඩ වලටත් සැහෙන්න දක්ෂයෙක් වගේම විශේෂයෙන්ම මිනිහට හොඳ කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කිව්වේ ඔය වල් පල් එහෙම නෙවෙයි පිරිසක් ඉස්සරහට ගිහින් බය නැතුව කතා කරන්න පුළුවන් මනුස්සයට. ඒක නිසා කතා පවත්වන්න එහෙම සෙට් උනාම බොහොම කැමැත්තෙන් තමයි වැඩේට එන්ටර් වෙන්නේ. මේ කියන්න යන කතාව උනෙත් මුගේ මේ හැකියාවයි කැමැත්තයි නිසා තමයි .
වාණිජ අංශයෙන් උසස්පෙළ කරපු කිඹුලා යි අපේ අක්මාල් කොලුවයි දෙන්නම ගිණුම්කරණයට ක්ලාස් ගියේ ඒ දවස්වල (තවමත්) මහනුවර දිස්ත්‍රික්කයේ ඉහලම ප්‍රතිපල හැම අවුරුද්දකම ගන්න සමත් උන පාලිත යාපා බණ්ඩාර සර්ගේ . සර් පන්ති කරේ මහනුවර ආනන්ද විද්‍යාලය කියන ශාලාවේ . මේ සිද්දිය උනේ ක්ලාස් ඉවර කරන දවසේ . එදා සර්ගේ කණ්ඩායම් පන්තියේ අය සහ ශාලා පන්තියේ අය ඔක්කොම එකතු කරලා තමයි අන්තිම පන්තිය කරේ . එදා විභාගය ඉලක්ක කරලා සකස් කරපු විශේෂ ප්‍රශ්න පත්තරේකුත් පන්තිය අවසානයේ දී බෙදල දෙනවා කියපු නිසා වෙනදට වල බහින උනුයි වැස්සකටවත් පන්තියට එන්නේ නැති එවුනුයි ඔක්කොම පන්තියට ඇවිල්ල සෑහෙන සෙනගක් හිටිය . 1000ක් වත් ඉන්න ඇති අඩුම ගානේ.
ඉඳගන්න ඉඩ නැතුව බොහොම අමාරුවෙන් බංකු වල එල්ලිලා තමයි දවසම පන්තිය කරේ .ඔන්න පන්තිය ඉවර වෙන්න දැන් ලඟයි . සර් ළමයින්ට කතා කරලා දැන් ඔන්න එක අය කතා පවත්වන්න එහෙම ගත්ත. ගෑනු ළමයෙක් මුලින්ම කතාවක් කරා . තව කොල්ලෙක් සිංදුවකුත් කිව්වා . තවත් කතාවක් . ඔන්න ඊට පස්සේ තමයි මේ ඓතිහාසික මොහොත උදා උනේ. අපේ අක්මාල් කොලුවත් පැනගෙන ගියා ............කතාවක් කරන්න,
ඔන්න ඉතින් මනුස්සය බොහොම සාරගර්භ විදිහේ කතාවක් කරනවා. ටිකෙන් ටික ඒ කතාව හැඟීම්බර වෙනවා . මෙන්න ඒක අහගෙන ඉන්න ගමන් ගෑනු ළමයි අඬන්නත් ඔන්න මෙන්න දැන්. ඇයි ඉතින් අවුරුදු දෙක හමාරක් විතර පන්ති ඇවිත් අද අන්තිම දවසනේ . සර් ටත් අප්සට් ගහල වගේ ටිකක් . පැහැදිලිව පෙන්න තිබුන සමහර ගෑනු ලමයින්ගේනම් කඳුළු වැටෙන්න ඔන්න මෙන්න . ඔන්න දැන් අපේ අක්මාල් කොලුවා කතාව ඉවර කරන්නයි යන්නේ.
පන්තියේ කිසිම සද්දයක් නෑ . කට්ටිය මීයට පිම්බා වගේ නිශ්ශබ්ධයි. පන්තියේ හිටපු එකෙක්වත් හිතන්න නැතුව ඇති අපේ අක්මාල් කොලුවාගේ ජීවිතේ කුජීතම මොහොත තව සුළු මොහොතකින් උදා වෙනවා කියල. ඔන්න කතාව යනවා.
(කළු වලාකුලක් ඇවිත් ඉර මුවා කරගත්ත මේ වෙනකොට , සිතල ඒ වගේම මූසල හුළඟක් ඇවිත් කන්දක් උඩ තියෙන ආනන්ද විද්‍යාලය ශාලාවේ ඉහල මහලේ යකඩ කූරු ගහපු ජනෙල් වල පින්න එනවට එල්ලලා තිබුන රෙක්සින් ජනෙල් රෙදි පට පට ගාල වැදෙන්න පටන්ගත්ත )
"අපිට අවුරුදු දෙක හමාරක් උගන්නල අපිට ඉහලම ප්‍රතිපල ලබාගන්න උදව් කරන අපේ පාලිත සර්ට මම බෙහෙවින් ස්තුති වන්ත වෙනවා "
ඒ ගමන්ම මම ප්‍රාර්ථනා කරනවා අපේ පාලිත සර්ට නිවන් සැප ලැබේවා .................කියල මූ කතාව ඉවර කරා කියපන්කො
තප්පර දෙක තුනක් කට්ටියම වෙච්ච දේ හිතාගන්න බැරුව ගල් ගැහිලා වගේ හිටියා .ඔන්න ඊට පස්සේ අර අඩන්න ඔන්න මෙන්න හිටපු උන් සෙට් එකයි අනිත් සෙට් එකයි හිනා වෙන්න පටන්ගත්ත ඉවරයක් නැතිව ඔන්න තව තප්පර දහයකට විතර පස්සේ තමයි අක්මාල් කොලුවට සිද්දිය තේරුනේ. සර් හිනාවෙනවා ඒ අස්සේ ඔක්කොටම වඩා පස්සහ පේලි වල කොල්ලෝ නැගිටලා උඩ පැන පැන හිනාවෙනවා . ඒක විකාරයි පන්තිය ඇතුලේ. විනාඩි දහයක් විතර හිනාවෙලා බඩවල් රිදෙන්න ගත්තම තමයි ඔන්න කට්ටිය හිනාව ටිකක් අඩු කර ගත්තේ.
පස්සේ ඉතින් සර් මැදිහත් වෙලා ඔහොම තමයි කාට උනත් වැරදීම් වෙනවා කියල අරූව පොඩ්ඩක් ශේප් කරේ.
මේ ලඟදි දවසක අක්මාල් කොලුවව මුණගැහිලා මම ඇහුව ඇයි බන් උඹ අර වගේ කතාවක් කිව්වේ කියල.
"කලින් දවසෙ මළගෙදරක නිදිමරලා ඇවිත් ඒ සිහියෙන් බන් හිටියේ . නිකන්ම කියවුනා ඉතින් " කිව්වනේ
දැනට උනත් විශ්ව විද්‍යාලේ දී හරි වෙන ඕනි තැනක නුවර පැත්තේ අපිත් එක්ක ක්ලාස් ගියපු ගෑනු ළමයෙක් මුණගැහුනම අර අක්මාල් (මුගේ හරි නම කිව්වත් ) ඉන්නෙත් අපේ බෝඩිමේ , අපේ කැම්පස් එකේ කිව්වට එකෙක්වත් දන්නේ නෑ . අර පාලිත සර් ට නිවන් සැප ලැබේවා කියපු එකා කියපු ගමන් ඔන්න කට්ටියම දන්නවා .
කිඹුලා පරණ ෆොටෝ ගොඩක් අවුස්සලා බොහොම අමාරුවෙන් මේ ෆොටෝ ඒක හොයාගත්තේ. 2011 දී ඉතින් අපි ළඟ කොහෙද හොඳ කැමරා . මේකත් මම ගත්ත එකක් නෙවෙයි ගෑනු ළමයෙක් ෆෝන් එකකින් ගත්ත එකක්. ඔය ඉන්නේ අපේ අක්මාල් කොලුව පාලිත සර් ඉස්සරහ කතාව පවත්වනවා . ඔය කුජිත සිද්දිය වෙන්න මොහොතකට පෙර ගත්ත ඓතිහාසික අමරණිය ඡායාරූපයක්

Tuesday, January 12, 2016
Legal wife
කතාව පටන්ගන්න කලින් කිඹුලා ගැනත් පොඩ්ඩක් කියල ඉන්නම්. පලවෙනි පොස්ට් එක නේ,
කිඹුලා දැනට ඉගෙනගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ . 4 වෙනි වසර පටන්ගන්නකන් මේ ගෙදරට වෙලා බලන් ඉන්න කාලෙ . මේ කතාව වගේම තවත් කතා මේ බ්ලොග් එකේ ලියවෙයි . එත් අදාළ චරිත වලට යම් හෝ හානියක් උනොත් කියන සැකය නිසා අන්වර්ථ නාම පාවිච්චි කරලා තමයි මේ කතා ලියවෙන්නේ .
මේ බ්ලොග් එකට නිශ්චිත වර්ගයක් නෑ . වැඩිපුර එහෙන් මෙහෙන් ඇහුන කතා , වල්පල් , හිතෙන දේවල් , වෙන දේවල් විතරක් නෙවෙයි අරෙහෙන් මෙහෙන් දේශපාලනේ උනත් ලියවෙන්න පුළුවන් .
කතා ඇති මෙන්න පලවෙනි පොස්ට් ඒක .
කිඹුලට විශ්වවිද්‍යාලෙ දී මුණගැහෙන ටිකක් වෙනස් විදිහේ හැබැයි සුපිරිම චරිතයක් තමයි මේ Access කියන්නේ . මිනිහ විතරක් නෙවෙයි මිනිහගේ අනාගත භාර්යාවත් ටිකක් අමුතුයි කියල කතා වටින් පිටින් ඇහෙනවා . හැබැයි ඉතින් පොරනම් සුපිරි මීටරයක් .
Access කිඹුලා ට සෙට් උනේ මිනිහත් කිඹුලා වගේම කළමනාකරණ පීඨයේ මූල්‍ය දෙපාර්තමේන්තුවට තේරුණ නිසා .මිනිහගේ අනාගත භාර්යාව ඉන්නේ ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ නිසා මිනිහගේ දින චරියාවට ත් ඕක ටිකක් බලපෑවා . ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ අයට තුන්වෙනි වසරේ ඉඳලා training යන්න පුළුවන් නිසා ලෙක්චර් තියෙන්නේ රෑට අපිටනම් එහෙම නෑ බොහෝවිට ලෙක්චර් තියෙන්නේ දවල්ට .
Access ගෙ දින චරියාව ගැන කියනවනම් මනුස්සය අපි වගේම උදේ ලෙක්චර් ආවට හවස බෝඩිමට යන්නේ නෑ . 8.30 වෙනකම් අනිවාර්යෙන් කැම්පස් එකේ ඉන්නම වෙනවා මනුස්සයට මැඩම් ව බෝඩිමට ගිහින් දාන්න . මනුස්සය අනාගත භාර්යාව ට කියන්නේ මැඩම් කියල නෙ. මැඩම් ගෙ ක්‍රියාකලාපයත් මේ නමටම ගැලපෙනවා කියල තමයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙන්නේ . ලේසි නෑ කරාටි කළු පටි ධාරිනියක් ලු.
මැඩම් ගැන කියනවනම් මැඩම් ගේ ගම පළාත තියෙන දිස්ත්‍රික්කයත් අපේ Access ගෙ පලාතෙමයි . බදුල්ලේ . හැබැයි ඒක දිස්ත්‍රික්කේ ඇතුලේ උනාට මැඩම් මහියංගනේ පැත්තේ Access බදුල්ල පැත්තේ .
ඔන්න දවසක් Access ට මැඩම් ගෙන් කෝල් එකක් එනවලු ගෙදර ඉඳන් තනියෙන් එන්න බෑ ඇවිල්ල එක්කරන් යන්න කියල මොනවා කොරන්නද අපේ Access බුවත් තියෙන වැඩ ඔක්කොම දාල කොළඹ ඉඳන් මහියංගනේ ට ගිහින් මැඩම් වත් එක්කගෙන එදා රෑ ම ආපහු කොළඹ ආවලු. ඔන්න ඔහොමයි විස්තරේ .
මේ කියන කතාව උනේ දෙවැනි වසරේ මුල කාලයේ කියල තමයි කිඹුලට මතක. ඔන්න අපිට තිබුන ඒක විෂයකට Group Assignment එකක් කරන්න. Access හිටියෙනම් කිඹුලාගේ කණ්ඩායමේ නෙවෙයි වෙන කණ්ඩායමක . Access තමයි කණ්ඩායමේ නායකයා . ඒ නිසා කණ්ඩායමේ හිටිය අනිත් හැමෝම සාමාන්‍ය විදිහට ඉතින් හැම දෙකටම මිනිහට කෝල් කරන්න SMS කරන්න එහෙම හුරුවෙලා තමයි ඉඳල තියෙන්නේ.
මේ සිද්දිය වෙච්ච දවසේ ඔන්න Access මැඩම් එක්ක ගෙදර යන ගමන් ලු . රෑ 10 ට විතර බස් එකේ යන වෙලාවේ ඔන්න Access ගෙ ෆෝන් එකට එනවලු මැසේජ් එකක් කණ්ඩායමේ ගෑනු ළමයෙක්ගෙන් , එකක් නෙවෙයි දෙක තුනක්ම ආවලු. වෙන මොකටවත් නෙවෙයි අර Assignment එකේම වැඩකට . ආ කියන්න අමතක උනානේ මේ ෆෝන් එක Access ගෙ උනාට ඕකට කතා කරාම ගොඩක් වෙලාවට මැඩම් තමයි කතා කරන්නේ. එදත් ෆෝන් එක මැඩම් අතේ තමයි තිබිල තියෙන්නේ.
ඔන්න අර ගෑනු ළමයට එනවලු Reply එකක් Access ගෙ නම්බර් එකෙන්ම
" Access ට මැසේජ් කරන එක නවත්තන්න . මම Legal Wife "
කියල.
ඕක කොහොම කොහොමහරි අර ගෑනු ළමය කණ්ඩායමේ අනිත් අයට කියල කැම්පස් එකේ බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ද රහසක් උනා.
පස්සේ දවසක වෙන වැඩකට යන ගමන් මම Access ගෙන් ඇහුව ඇත්තද ඔයි අර කතාව කියල.
මූ කියපි , " ඔව් බන් බලපන්කො මේ ගෑනු දෙන්න එක හොස්ටල් එකේ ඒක ලඟ කාමර දෙකක ඉන්නේ එත් තාම මූනවත් බලන්නේ නෑ ලු නේ බන් " කියල. එතකොට සිද්දිය වෙලා අවුරුද්දක් විතර ඇති.

Subscribe to:
Posts (Atom)